Saturday, May 26, 2018

බතලේගල ගමන. (R2R සංචාරයක් ගැන නොවේ.)

පිළිවෙලක් නැති ගමන්. 01

මුලින්ම කියන්න ඒනි මේ ලියන්න හදන්නෙ "රෝද දෙකේ රස්තියාදුව" විසින් සංවිධානය කල සංචාරයක් ගැන නොවේ.හුදෙක් මද්දා සහ තව කිහිප දෙනකේ නිදහසේ  රැයක් පහන් කරන්න ගියපු ගමනක් කීවොත් නිවැරදියි.

අපේ කිහිප දෙනෙක්ම අවුරුදු නිවාඩුවට ලංකාව වටේ කවර් කරපු එක ගැන මලිය ලියල තිබ්බනේ. තවත් කිහිප දනෙක්ම එහෙ මහෙෙ රවුම් ගැහුවත්, මද්ද හිටියෙ ඇදේ ඕලඩ් අරක්කුවක්, වැස්සට කමෙුන එකවත්, හෑෂ් වත් හින්ද නෙමේ ඈ වහලෙට නැගල කොන්ද මක්කද උනා.

ඇරියස් කවර් කරන්නත් එක්ක වෙසක් නිවාඩුවට කොහෙ හරි යමු කියල 45 දෙනාටම කීවත් ගොඩක් අයට විවිධ හේතු නිසා ඒ දවස අමාරුයි කියල තේරුනා. මේ වෙද්දි චරිදුටත් මගෙ ලෙඩේම හැදිල තිබ්බ, "කොන්දෙ අමාරුව නෙමේ බං, කන්දක් නැගීමේ උන" කෝම හරි හැමෝටම දන්වල කන්න තියෙන කට්ට පුලුවන් උපරිමෙන් පැහැදිලි කරල දුන්නට පස්සෙ අන්තිමටම ඉතිරි වෙලා හිටියෙ 6 දෙනයි. මම,හර්ෂ(කූඩාරම් හර්ෂ),ලහිරු පැතුම්,සචිත්,චරිදු,නිරෝෂ් තමා නම් වලින් කියනව නම් මීට අමතරව බුලා නොහොත් සචිත්ගේ යාලුවෝ දෙන්නකෙුයි.
ටෙන්ට්, කෑම, ආදියේ වගකීම් මේපාර එච්චර බරටම නැති නිසා සැහැල්ලුවෙන් ගමන යන්න ලෑස්ති උනා.

හරි එහෙනම් බයිල තියල ගමන විතරක් යමු නේ? මද්ද කෝමත් පදුරු තැලිල්ල දන්නෑ.

පාන්දර 4.00ට තමයි කොළඹින් පිටත් වෙන්න දා ගත්තෙ. හර්ෂ එක්ක මම කොට්ටාවටත් එතනින් චරිදු, නිරෝෂ් දෙන්න එක්ක මාවනැල්ලටත්, මාවනැල්ලෙන් ලහිරු, සචිත් හා අනිත් දෙන්නත් සමග "බතලේගල"ට.

දවස පටන් ගත්තෙම අත් වැරදීමකින් ෆෝන් එක චාජ් එකට ගහල තිබ්බට චාජර් එකේ අවුලක් නිසා ඩෙඩ් වෙලාම ගිහින් හොද වෙලාවට අම්මගෙ ෆෝන් නම්බර් එක හර්ෂ ලග තිබුන මගෙ එකට ට්‍රයි කරල කරල බැරිම තැන ඒකට ගද්දිත් මම මූන හොදනව. යන්න ලෑස්ති වෙන්න.
ටයිම් ලයින් එකේ හැටියට හර්ෂ් ගෙදරින් 4.00ට එද්දි මම ලෑස්ති වෙලා ඉන්න ඕනි නමුත් ටිකක් ව්තර පරක්කු උනා. කස්ටිය ටිකක් බයත් වෙලා මද්ද ෆෝන් ඕෆ් කරන් පොලු තිබ්බද කියල,
මද්ද ලග ඒ වගේ වැඩ ඉතිහාසෙටම නෑ පුලුවන් නම් පුලුවන් බැරිනම් බෑ.

හර්ෂ් ඇවිත් තිබුනෙ ගෙනියන්න නියමිත ටෙන්ට් 2ම අරගෙන, එකක් මගෙ කැරියයර් එකට පටවලා ඉවර වෙලා තමා ඇහුවෙ කෝ අනික කියල ඒකත් බැක් පැක් එක ඇතුලෙ කීවම මට පුදුමත් හිතුන. ඒත් නියම backpacker කෙනෙක් උන හර්ෂට එක ගානක්වත් නෑ.
ලීටර් 80ක බෑග් එක ඇතුලෙ උයන්න භාජන, 6 person tent එක. ප්‍රථමාධාර, අැදුම්, නිදාගන්න අයිටයම් සේරම පුරවලත් තව ඉඩ තිබුන.

කෝම හරි වැඩි වෙලාවක් නොගෙන කොට්ටාවට ඇද්දා පිලියන්දල හරහා. අපි ගිහින් විනාඩි කිහිපයක් යද්දිම අනිත් දෙන්නත් එතනට ආව. පෝය දවසෙ සිල්ගන්න ඕනි කියන අදහස චරිදුට අැති උනත් පාප මිත්‍ර⁣යෝ ව්දියට අපි එයාව එ් අදහසින් මිදෙව්වෙ සිල්ගන්න යන්න ලෑස්තිවෙලා පාරට බැහැපු නංගි කෙනෙක් ඉනනව ක්යල දැකපු නිසයි. (සිල් ගන්න කෙසේ වෙතත් බිදගන්න අපේ චරිදු හරි හපන නොව)




මම හැමදාම ගෙදර යන පාර නිසා වැඩි අමුත්තක් තිබුනෙ නෑ පුරුදු ව්දියටම කිරිදිවැ ල පහුකරල තේ බොන කඩේ නවත්තල තේ එකක් බොමු කීවෙ පුරුද්දට වගේ මෙන්න මේ අවස්ථාවෙ තමයි අපිට සුපුරුදු කෑමක් නුපුරදු නමකින් ඇස ගැටෙන්නෙ?

සීීීීනි බට්ටා
එතනින් මද්දාගේ ජාතින පානය වල ප්ලේන් කෝපි නොලුබුන නිසා තේ ⁣එකකින් සැහිමට පත්වෙලා ආයෙම එක හුස්මට නතරකලේ මාවනැල්ලට කිලෝමීටර් 20කට කලින් පාර අයිනෙ තිබ්බ කඩයක් ලග.        
නවත්පුවම බැස්ටිය බුරුල් වෙනවලු.

නැවතත් මාවනැල්ල බලා "මාවනැල්ල හොයන් google map බලාගෙන නම් යන්න එපා වැටෙන්නෙ හතර හංදි කැඩිච්ච ආතක් පාතක් නැති පාලු හංදියකට.
ලහිරුගෙන් පාරක් අහගන්න එක ඊට අමාරුයි. අන්තිමට ලයියගෙ ගෙදරට හැරෙන පාර ලග තිබ්බ ජ** පිරවුම් හල ලෑන්ඩ් මාක් එකක් විදියට දාගෙන එතනට ගියා අපිව ගෙදරට එක්කන් යන්න ලයියත් පාරටම ඇවිත් හිටිය.
පාර පෙන්නන් ලයිය ඉස්සර උනා. අන්න පාරවල් කියල වැඩක් නැ පාර 90°ට වඩා පොඩ්ඩක් අඩු බෑවුම කන්ඩිෂන් එක සිංහරාජෙ ගයපු ඔප් රෝඩ් පරාදයි මොවව උනත් ඒව තමා පාරවල් කියන්න වචන නෑ.

ගෙදරට ගිහින් ලයියගෙ ලොකු අක්ක හදල දුන්න තෙ එක බොන ගමන් ටිකක් පරක්කු කලේ සච්ත් මාවනැල්ලට කොළඹටත් වඩා කිලෝමීටර් බර ගානක් ඈතින්  තිබුන කඩුග්න්නාවෙ ඉදල එනන ඕනි නිසා (මාවනැල්ල කඩුගන්නාව අතර දුර නොදන්නා අයට විනාඩියයි තත්පර එකයි කාලක කනගාටුව.)

කඩුගන්නාවට බතලේගල පේන අයුරු බලන්න දුර....... 😂😂
හස් ප්ලාස්ටික් බෝතල් මෙහෙයුම දියත් කරල ලීටර් 3ක් බැක් පැක් එකටත් තව ලීටර් 2ක් මගදි පාවිච්චියටත් හැම කෙනාම වෙන් වෙන් වශයෙන් පැක් කරගත්තා. තව 10 දෙනෙකුට විතර අවශ්‍ය බෝතල් ප්‍රමානයත් ලයියගෙ ගෙදර ඉතිරි වෙලා තිබුන. හෙට අනිද්දම අපිට සීනි කාරයොන්ටබදෙන කෑම අරන් ලයියලාගෙ ගෙදර ආය යන්න වෙනව කියල ඒ ⁣බීම බෝතල් තොගය දැක්කම හිතාගන්න පුලුවන්.

මීලගට මාවනැල්ල ෆුඩ්සිටි එකට ගියේ අවශ්‍ය කරන ආහාර ද්‍රව්‍ය ටික අරගන්න හිතාගෙන. ඒකටත් සෑහෙන වෙලාවක් ගත උනත් තාමත් සචිත් නැහැ.


ලහිරු මුල්ම කොල් එක දීල කීවෙ ඌ තාම ගෙදර කියල. මද්දට ඉවසීම නැතිවේගන ඇවිත් තිබුන නිසා "දිපන් මට කෝල් එක ඕකට ඔහොම කියල හරියන්නෑ" කියල කතා කරල අහද්දි කීාව දැන් ලග ඉන්නෙ ව්නාඩි 5න් එනව කීවම ආයෙ මොකට බනින්නද කියල හිතල කට් කරල දැම්ම විනාඩි 5 හෙමින් මෙින් දහය පහලොව වෙද්දි හර්ෂගෙ ඉවසීමත් ඉවර උනා.

සචියාගේ ලාස්ට් වෝර්නිිිින් දීීීීමමොහොතක් තියා
ජාතිය අමතන්න හැදුවත් ෆෝන් එක උස්සන්නෙ නැති නිසා අකමැත්කෙතන් උනත් අපිට පිටත් වෙන්න සිද්ද උනා. නැතත් මාවනැල්ලට ගිහින් උදේට දවල්ට දෙකටම හරියන්න brunch එකක් විදියට බිතර රොටීී සමග පරාට  පාර්සල් කරගත්තා වෙසක් උනාට දන්සලුත් නෑ, ඒ මදිවට කඩත් වහල දැන් ගිලපන්කො පිටි ගුලි.

ඒ සේරම අරගෙන එද්දි සෑහෙන්න දුර ගෙවෙන් බස් එකේ ආව නම් පැය භාගෙක විතර දුර පැය 4කින් විතර සචිත් ඇවිත් හිටියා. එක්කගෙන ආපු යාලුවො දෙන්නත් හරි ලස්සනට දැනුවත් කරල තිබ්බ යන ගමන ගැන.
සිරාවටම පව් ඒ කොල්ලො දෙන්න අඩු තරමින් රෑට අදින්න නිදාගද්දි ඇදුමක් පෙරවගන්න  ෂීට් එකක් ගේන්නවත් කියල තිබුනෙ නැහැ මූූූ.
මෙන්න මේහෙම ලිස්ට් එකක් සතිය‍කටත් කලින් දීීීල තිබුන.
කොහොමින් හරි නැවතත් ගමන පිටත් උනා කන්ද ලගට යන්න කලින් බඩගිනි ආපු නිසා අතර මග තිබුනු බස් හොල්ට් එකක් කෑම මේසය විදියට තොරාගත්තා.

බතලේ ගල පර්වතයට පාර ඇරඹමට ආවෙ අතර මග දන්සලක්න් සසිල් බීම එකක් එහෙමත් බීල.

කඳු පාමුලට යන්න තියෙන පාරත් 90° ඉතා කිට්ටුවෙන් යන බෑවුමකින් යුක්ක උනා දෙවනි හා තුන්වෙනි ගියර් වල තමා මේ කි.මි 1.5 පමන දුර ගෙවන්න උනේ. ටයර්, බ්රේක් ගැන විශේෂ උනන්දුවක් දක්වන්න වේවි මේ පාරෙ යනව නම්.
කඳු පාමුලට ගිහින් තමයි බයික් ටික නවත්තන්න තැනක් හොයල බැලුවෙ කිට්ටුව තිබුන ගෙදරක අයිය කෙනෙක්ගෙන් ඇහුවම දෙපාරක් හිතන් නැත්ව එයාගෙ මිදුලෙ තියල යන්න අවසර ලැබුන. ඒ විතරක් නෙමෙයි අපේ හෙල්මට් ටිකත් ගේ ඇතුලෙන්ම අරන් තියන්න තරම් කරුනාවන්ත උනා.
මීලගට යෙදී ඇත්තේ ද්‍රව්‍ය ලැයිස්තුව ⁣නැවත පරීෂාවයි. 1.භුමි තෙල් අමතක වෙලා
2.පොල්තෙල් අමතක වෙලා.
භුමි තෙල් ගන්න කඩයක් හොයන් ගියපු චරිදු, නිරෝෂ්
දෙන්න කිට්ටුව තිබුන ගෙදරකින් භූමිතෙල් ටිකක් මිලට අරන් තිබුන.
පොල් තෙල් එච්චරම ප්‍රශ්නයක් නෑ කියල හිතාන අපි ඒක කපා හැරිය (අවශ්‍ය නෑ යයි හිතුන පුංචි දෙයක් නිසා සමහර ප්ලෑන් අවුල් වෙනව නොසිතූ විදියට)

Trekking pole විදියට හොද ශක්තිමත් ලීයක් එහෙම ලෑස්ති කරගත්තේ හර්ෂව අනුගමනය කරමින් (ගොඩක් උපකාරීී වෙනව) 

එහෙනම් නැගිල්ල තමා තියෙන්නනෙ

එතරම් අසීරු නෑ නමුත් තරමක ආනතියක් තියෙනව
හිතුවට වඩා ඉක්මන්ට මහන්සි ආව මම ලහිරු එක්ක තව එක්කෙනෙක් පහු උනා චරිදු,නිරෝෂ් එක්ක තව තුන්දෙනෙක් ගේමක් නැතිව උඩටම අදිනව ගේමක් නැතිව

පලවෙනි නැතුම ඉවරයි ග්ලුකෝස් දාපු වතුර ටිකක් බීීල ආයෙම පටන් ගත්තා අඩිි 10යි ආයෙ නැවතුනා. තුන්වෙනිය දීීල ඇද්ද කබරය පාරක්(හයික් එකට කලින් දවසෙ bracdi ගැහුවම එහෙම වෙනව ගෘප් එකෙු් උන් හලල වෙනමම සෙට් උනාමත් එහෙම වෙනව) ජයග්‍රාහීී ලෙස තුන් තුනකම කබරයා සහන් කරල ඉහලටම ආව.
 නිවාඩු දවසක් නිසා කන්ඩායම් කිහිපයක්ම උඩට පහලට යනව හමු උනා. කව්රුත් ගිහින් තිබුනෙ බලල එන්න නවතින් නගියපු එකම කන්ඩායම අපි විතරයි.
කන්ද මුදුනට ආවම මහන්සිය කොහෙන් ගියාද නෑ. මුලින්ම බෑග් ටික බිමින් තියල කදු මුදුනේ කෙරවල දෙකටම ඇවිදලා වටපිටාව වින්දා. සචිත් කියපු විදියෙ වතුර පාරක් නම් තිබුනෙ නැහැ හැබැයි.(මූූව කන්න එපැයි) හොද වෙලාවට අපි 5දෙනා වතුර ලීීීීටර් 3 ගානෙ ගෙනාව.

කන්ද මුදුනට පිවිසෙන තැනම නියම ප්ලෙස් එක ටෙන්ට් ටික සවිකරන්න හැමෝටම ඕනි උනේ එතන නවතින්න ඡන්දෙ විමසුවේ සර්ෂ විසින් නිකම්ම නෙමෙයි මැතිවරන ප්‍රචන්ඩක්ක්‍රියා(හරිද බං වචනෙ) නවත්තන දර කපන්න ගෙනා පිහිය පවා පාවිච්චි කරන්න සිද්ද උනා  පොරට එච්චරට බීීෂනේ.

නැවත පාරක් සරච් එකක් දාද්දදි අපි නැගපු පැත්තට විරුද්ද පැත්තෙ පහලින් තිබුන ගුහාවත් හා ඊට ටිකක් එහායින් තිබුන කුටියක් බවට පත්කල විශාල ගුහාවක් ඊටත් ටිකක් එහායින් පුංචි ගුහාවක් තිබුන අන් ඒකෙ ගලදිගේ වතුර බින්දු බින්දු බිමට වැටුන එතනට බෝතතයක් කපල තියල වතුර එකතු කරන්න උත්සායක් ගත්තා තරමක් දුරට සාර්ථකයි. ඒ අවට පොලිතීීීීන් බෝතල් කෑන් ආදිය අඩු නැතිව විසිරිලා තිබුන බලන් ඉන්න බැරිම තැන එකම විල්පපය විදියට ඒ ටික එකතු කරල පුච්චලා දාන්න අපි තීරනයක් ගත්තා (හොදම නොවුනත් එකම විසදුම විදියට)

ආපහු යද්දි දර ටිකකුත් එකතු කරගනිමින් නැවතත් තොරා ගත්තු කදවුරු භූමිය පැත්තට අදුනෙ ටෙන්ට් ටික අටවලා ඉවරයක් කරල දාන්න අවශ්‍ය නිසා.
වැස්සට කලින්

වෙනද වගේම හර්ෂගෙ ගුරුහරු කම් වලින් කට්ටියම නියමෙට වැඩේ අල්ලන් ගියා ලහිරුයි සචිත් දෙන්නනම් ටෙන්ට් එකත් එක්ක සෑහෙන්න ඔට්ටු උනේ කාර්මික දෝෂයක් ආපු නිසයි. සෙරම ඉවර කරල ගිනි මැලය හදද්දි තමා "මහ වැස්සක පෙර නිමිති පේනනවා "  මතක් උනේ.

මේ අතරෙ එතනට ආපු කිට්ටුුව තිබුන ගමක අයිය කෙනෙක් ඉතාම මිත්‍රශීීලීී විදියට අපිට කීවෙ "මල්ලිිිිලා ඔතන ඉන්න එකනම් එච්චර හොදනෑ ඔය ගහට නිතරම අකුනු ගහනව" කියලයි. ඉතින් අපි තීීීීරනය කලා කලින් කියපු විශාල ගුහාව(කුටිය) අැතුලට සංක්‍රමනය වෙන්න. මේ අතරෙ දකින් ලස්සන නමුත් භයානක දර්ශනයක් උනේ අවට තිබුන කදු මුදුන් වලට අකුණූ පාත්වෙන අන්දමයි. එකම තැනට දෙපාරක් නෙමෙයි තුන් හතර පාරක්ම අකුණු වදිනව අපි දැක්කා.

ගල් ලෙන තුල කූඩාරම

තේ හදන්න. හොදි හදන්න ඕනි එක්කට රෙඩි
ඒ දර්ශනය කාෙච්චචර ලස්සන උනත් වැස්ස මහ වැස්සසක් වෙන්න කලින් ලෙන අැතුලට ගිහින් ටෙන්ට් ටික අටවන්න සිද්ද වෙනව. කට්ටියක් ටෙන්ට් සකස් කරන අතරෙ හර්ෂ නියම "ප්ලේන් ටීී" එකක් දැම්ම.

ටික වෙලාවක් යද්දි වැස්ස තද කරා ඇතුලටත් වතුර කාන්දු වෙන්න පටන් ගත්තා චරිදුගෙ කර උඩට නැගගත්තු කෝනනාර(සචිත්ගෙ යාලුවො දෙන්නගෙන් එක්කකෙනෙක්ගෙ නම කෝනාර උනාට අපේ උන්ට දෙන්නනම කෝනාර උනා) මල්ලි ඉටි රෙද්දකින් වහලය (ගලේ තිබු විවරය) ආවරනය කරා යම් තරමකට සාර්ථකයි.

මීලගට රෑකෑම හෙවත් මිශන් රොටීී මේකින්ග්
හර්ෂ ගෙනත් තිබුන භාජන කිහිපයෙන් එකක් තමා අපි රොටී හදන්න ගත්තේ ඒවා එකක්වත් නන් ස්ට්ක් පාෙෂ් මොඩල් භාජන නම් නෙමෙයි.
රොටී පිටි අනල තිබුනෙත් පොල්තෙල් දිහා බලන්නනවෙත් නැතිව. අපේ පුුඩ් සිටී බඩුු ලිස්ට් එකේ තිබ්බ පොල්තෙල් අපිට අමතක උනා කියල මම කලින්ම කීවනෙ.
සාර්ථක ලෙස දෙවනි රොටියත් භාජනයේ අඩිය වැලද ගත්තා කියමුකෝ.
වේලාව ගෙවීගෙන යද්දිි, රොටී එක එක ඇලෙද්දි, කස්ටටියගෙ මූූනු බටගින්නෙන් පිරෙද්දි, ලහිරුව අමු පිටි කද්දි මද්දට හිතෙනව පරාජය බාරගන්න.
පිෂ් කරි කෑන් ටික කඩල රත් කරල පාන් පෙති 6ක් එක්ක මාලු කෑලි 3ක් බෙදල දීල ඩිනර් එක විදියට පහුවදා උදේ කෑමට ගෙනාපු කෑම වලින් භාගයක් බෙදල දුන්නා. මදි වෙයි කියල හිතුවට වැඩිත් උනා සමහරු පාන් පෙති කීීපයක් ඉතිරි කරපු නිසා ඒ ටික ආයෙම එකතු කරල තිබුුන බෑග් වලටම දැම්මෙ පහුවදාට ගන්න.
හර්ශ හදාපු ඉගුරු තේ එකත් බීල ගගන ගාමියො ටික ගුවන් ගතවෙලා ඉද්දි තමයි



"වැස්ස අඩු වෙලා කව්ද එන්නෙ මුදුනට ගිහින් පහල වෙසක් එකට දාල තියෙන ලයිට් බලන්න" කියල
ඉබ්බ වතුරට දැසම්ම මොකක්ද එකක් කීීව වගේ අපේ උනුත් කියයි බෑ කියල. ජැකට් දාගෙන ටෝච් අරගෙන පොලිමටම කස්ටිය කදු මුදුනට ලගා උනා.


කියන්න තරම් නැති උනත් තරමක විදුලි බුබුලු පුමානයක් කන්ද පහලින් පේන්න තිබුනා වගේම සමහරුන්ට තොටලග, පිටකොටුව ආදී ස්ථාන වල තොරන් පේන්න තරම් දුර පෙනීමේ හැකියාවක් තිබුන.

ටිකක් වෙලා එතන ගතකරපු අපි නැවතත් අපේ තාකාලික නිවස වෙච්ච කූඩාරම් වලට. ඇවිත් තවත් අභ්‍යාවකාස යානක් ගුවන් ගතකරල නිදාගන්න සූූදානම් වෙද්දි තමයි. ගනිත ගැටලුවක් ආවෙ.

කඩේකට ආපු ගෑනු කෙනෙක් රු1000ක් දීල රු 200/= ක් වටින භාන්ඩයක් මිලට ගන්නව.
කඩේ මාරු නැති නිසා ලග කඩේකිින් රු.1000 මාරු කරල තමයි මුදලාලි ඉතිරි රු 800/= දෙන්න්නෙ
ටික වෙලාවකිින් අල්ලපු කඩේ එකා ඇවිත් මේක හොර නොට්ටුවක් කියල මුදලාලිගෙන් රු 1000‍/= අරන් යනව 
මිනිහගෙ පාඩුව කීයද?

 තවත් පැය ගානක් ගනන් හදපු කස්ටිය නින්දට ගියා මද්දට නම් එලි වෙනතුරු එකම නිද්දක් ලැබීමේ භාග්‍ය හිමි උනා.

පාන්දර 4.30 වෙද්දි නැගිට්ටෙ පහලින් ඉර පායන දර්ශය බලන්න තිබුන ආසාව නිසාමයි තේ එකක් හදලා ගෙනත් තිබුන සොසේජස් ටික බැදිනතුරු අනිත් අය ටෙන්ට් ටෙනට් ටික ගලෝල පැක් කරා කිහිප දෙනෙක් මුදුනට ගිහින් එක ටෙන්ට් එකක් ඇටෙව්වෙ බෑග් කෑම ආදිය පින්නෙන්් ආරක්ෂා කරගන්නත් එක්කමයි.


මද්දා අතුලු තවත් කිහිප දෙනෙක් ගෙනාපු පොතීන්, ප්ලාස්ටික් වතුර බෝතල් ආදි උෟ නොදිරන දේවල් ටික දාපු බෑග් දෙකක් හදාගත්තෙ ඉදපුු තැනක කුනු දාල යන පුරුද්ට සමුදීීල දැන් සෑහෙන කාලක් වෙන නිසයි.

කන්ද මුදුනෙ දැකපු දර්ශශනය නම් මුලු ජීීවිතේටම අමතක කරන්නවත්. මෙතන ලියන්න වචන හොයන්නවත් පුලුවන් එකක් නෙමේ කඳු මුදුනක ගෙවන දවසේ ලස්සනම පැය කීපය වෙන්නනෙ ඉර නගින දිහා බලන් ඉන්න වෙලාව කීවොත් එ්ක තමයි ඇත්ත. (කෝමද ඒකත් බලාගෙන ත්‍රෙෙයි ලෝක විජය පත්‍රයක් ගහන එක නිතන් නමේ මේව හෝම් මේඩ් අෑ වස විසෙන් තොරයි)

ටික ටික ඉහලට එන ඉරත් එක්කම අපි හිටපු කන්දෙ ඡායාව පහලින් පෙනුන (ඔව් සීීගිරිය කියල රැවටෙන එක සාධාරනයි)

ටික වෙලාවකින් ආපු බඩ ගනින්න නිවන්න පාන් පෙතිි තුන හතරක් එක්ක සොසේජ් වලින් නිමල දාපු අපි ,


පහලට බහින්න පටන් ගත්තා මග නැවතීීීීම් කිසිවක් නැතිව එක හුස්මට කන්ද පහල සමහර තැන් වල බෑවුමට ඇග සීතල උෟ අවස්ථාවන් නැතිවාම නොවේ.


අපි බයික් ටික දාපු ගෙදර අයට ස්තූති කරල එහෙ හිටපු පුංචි දුවෙක්ට පොඩි තෑග්ගකුත් දීල ආපහු එන්න පිටත් උනා.

ඇති නේ ගියපු පාරෙම තමා ආපහු ආවෙ :p





Friday, April 20, 2018

අතිශයන්ම (අ)සාර්තක උෟ පස්වන සංචාරය.

5th Ride රෝද දෙකේ රස්තියාදුව


වර්ෂ 2018ක් උෟ මාර්තු මස 31 වෙනිදා පාන්දර 4.00
එලාම් එක වදිනව,
කාව ඇහැරවන්නද?
මද්ද ඇරල.😉

උදේ පාන්දරම ටෙන්ට් ටික පටෝගෙන එන්න යන්න තියෙනව පානදුරට. ගමනාරම්භය උදෑසන 6.00 කොළඹ ලෝක වෙලද මධ්‍යස්ථාානය අසලින් ගමනාන්තය ආනමඩුව- නවගත්තේගම  එහෙමයි මද්ද නිවේදනය කරල තිබුනෙ.(අපේ උන් කවද්ද වෙලාවට ආවෙ)

හර්ෂ් ගෙන් කෝල් එක එනකොටත් උදේ පාන්දරම නාල යුනිෆොම් එක දාගන්න හදනව. 4.30 වෙද්දිි පානදුරට එන්න කියල තිබ්බත් හර්ෂය ඒ වෙද්දිි නැගිටලත් නෑ ඉතින් හර්ෂ් සහ මම සුපුරුදු පරිදිම පැය භාගයක විතර කට්ටක් කෑව පානදුරට වෙලා.

මද්දගෙ අස්පයාට අලුතින්ම හයි කරපුු කැරියර් එකක් තිබුනත්  එක ටෙන්ට් එකක් විතරයි පැටව්වෙ ඩබල් දාල යන නිසාත් දෙන්නනාගෙම බඩුු පටවන්න ඕනිි නිසාත්. ඉඩ ඉතිරි කරගත්තා හර්ෂ හා හර්ෂ් දෙන්නා ටෙන්ට් දෙක ගානෙ පටවගන්න අතරේ මද්දා පිටත් උනේ ගෑල්ලමය ගන්නයි බෑග් ටික පටවගන්නයි.

ඒ වෙන කොටත් අලුතින් අපිත් එක්ක එකතු උන කීී‍ප දෙනෙක්ම කටුබැද්දට සෙට්වවෙලා ඉවරයි.
කට්ටියත් එකක්කම wtc එක වෙලාවටම එකතු වෙන්නත් පුලුවන් උනා. උදේ පාන්දරම උනත් පාකිං ටිකට් වලටත් ගෙවලම තමයි පිටත් වෙන්න උනේ (අපරාදෙ ස්වර්ණ පත්‍ර 5ක විතර සල්ලි)

*******************************************************************************
මෙදාපාර 25+ පමන පිරිසක් සහභාගීී උෟ නිසා හැම කෙනාගැනම වෙන් වෙන් වශයෙන් විස්තර දාන්න අමාරුයි.
*******************************************************************************

කියපු වෙලාටවම (පැකට කිට්ටු වෙන්න පරක්කු වෙලා) තිවංකයි,ජෝෂ්,අසිකත් එක්කම අපේ කවියත් ආව.

මේ පාර රස්තියාදුවට ටාටා සිංගල් කැබ් එකකුත් ආවෙ හදිසි අවස්ථාවක් උවහොත් බයික් එකක් උනත් පටවගන්න පුලුවන් වෙන්නයි කුඩාරම්/bbq pit/බෑග්/ආහාර දුව්‍ය ආදිය පටවන් යන්න. ඉතින් සේරම දේවල් එක්ක අපේ කවියවත් ට්‍රක් එකට පැටව්වෙ රියදුරු මහත්තය පාන්දර 2.30 විතර වෙනකතුරු නිදිමරල හිටපු නිසා කයියක් දාගෙනම වරෙන් කියලයි.

ඉතින් කලයුතු නොකලයුතු දේවල් කල යුතු දේවල් ගැන මද්දගෙ පඩි ටෝක් දෙකතුනකින් පස්සේ කට්ටියම පිටත් උනා. අලුත් පාලම ගාවින් අපේ tw (දමිත් රනසිංහ) මල්ලිවත් අරගෙන ඊලග නැවතුම උන ජා-ඇල කේ සෝන් එක ලගට ගියේ පොටෝ ටිකක් ගන්නයි. මේ පාර ඉදන් අපිත් එක්ක එකතු උන ඩිලානෝගෙ යාලුවෙක් උන #$ පූූූූසා (මහෙෂ්) ව ගන්නත් පොඩි පොටෝ කෑලි දෙක තුනක් ගන්නත් එක්කමයි.

මිලග නැවතුම උනේ මිනුුවන්ගගොඩ කිට්ටුව තිබුන ඉඩ කඩ ඇති කෑම කඩේකින් කලවම් හොදිත් එක්ක කරකරපු පාන් වලින් උදේ ආහාරය පිරිිමහන්නයි. අර අච්චුවක් නැතිව හදන රෝස් පාන් එකේම රාත්තල් වර්ශන් එකෙන් ගෙඩි 10කට 15කට වගකිව. පොඩි නමට චිකන් කෑල්ලක් දාන්න කියන න්‍යායෙන් අන්තිම පාන් කෑල්ලත් මද්දා සතුකරගන්න හැකි උනා කියලත් ලාවට වගේ මතකයක් තියෙනව.

නැවතත් පාරට පෝලිිමේ එක පෙලට ටික දුරකුත්, ගාල කඩාගත්ත හරක් වගේ තවටික දුරකුත්, ටීීීීම් දෙක තුනකට කැඩිල තව ටික දුරකුත් විදියට දඹදෙනිය පහු වෙනකන් (අ)සාර්ථක රයිඩ් එක්ක සුව විදින්න ලැබෙනව.

ඉස්සර ඉදන්ම රස්තියාදුවෙ යන්න ප්ලෑන් කරපු ඒත් මේපාර මුලින්ම සම්බන්ධ උන අංජන මල්ලිගෙ බයික් එක තව දුර යන්න බෑ කියල මග නවතිනව. කලින් ප්ලෑන් කරපු විිදිියට අනිත් අයට හෙමින් ඉස්සරහට යන්නයි කියල මම තිවා එක්ක ජෝෂ්(මෙයාගෙත් පලමුවෙනි රයිඩ් එක) බයික් එක අවගන්න උත්සසාහක් දරල බැරිම තැන එයාව ලොරියට පටවල ගරාජ් එක්කට යවන්න තීීරනයකට එනව.

හෙමින් හෙමිිිින් මමයි අංජනයි ඉස්සර යද්දිි තිවා එක්ක අසික හා ජොෂ් ටිකක් පරක්කු වෙලා ලොරිය ලගට එන්න එතන නවතිනව.

එක පාරටම honda AX-1  විදුලිි වේගයෙන් යනව ලාවට වගේ දකුනු ඇහැට පේනව. අැසි පිය හෙලන පමාවට ඒ පිටිපස්සසෙන් තිවාගෙ බයික් එකත් ගුවන් ගත වෙනව මද්ද දකිනව. පිටි පස්සෙ ඉන්න ගෑල්ලමයටත් "මුට කියල වැඩක් නෑ" කියන මද්දා තව විනාඩි දෙකක් විතර ඉස්සරහට යනව එක පාරටම පාරෙ වම් පැත්තෙ කලින් ගියපු AX-1 එක නවත්තල තියෙන විදියත් මිනිස්සු පිරිල ඉන්න විදියත් දකිනව.

මාර සනීපයි තිවා කානුව සිපගෙන ලෑන්ඩ් කරල.

ජයග්‍රාහකයන්ට

*.කකුලට මැහුම් දැමීම (තිවා)
*.හොස්පපිටල් ඇඩ්මමිට් වෙන්න ටිකට් එකක් තුවාල (තිවාගෙ ගෑල්ලමය)
*බර ගානක් ගෙවා වෑන් රථයකින් කොළඹට යෑමේ වාසනාව (තිිිිවා,තිවාගෙ ගෑල්ලමය,අසික)

සැනසිලි තෑගි

* අනිත් උන් ඔක්කෝටම කඩ පිලක් උඩට වෙලා පැය හතරක් කට්ට කෑමේ වාසනාව.

++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
මීලගට අැරබෙන්නේ තිවා අතින් ලයිෂන් ඉන්ෂුුවරන්ස් ලබාගත් කවියා හා බයික් එකේ යතුර තමා සතුකරගත් ජොෂ් අතර බයික් එක පැදිය යුත්තෙ කවිද යන්න තෝරා ගැනීීමේ විවාධයයි.
අතක් පයක් නොකැඩි දෙන්න සාමධානයෙන් වැඩේ බේරාගනෙ තිබ්බා කෑම කාල ඉවර වෙද්දිිි.

පෝය නිසා වහල තිබුන කෝ-ප් කියල ගහල තිබුන ‍පොෂ් වෙච්ච සමූූපාකාරයක ඉස්සරහ පඩි පෙලේ ඉදගනෙ වට පිටාවෙ කඩවල් 2ක 3ක් ම පිහිලාම එකතු කරන් ආපු බත් පැකට් ටික කාල ඉවර කරල.
මේ පාර අපිත් එක්ක පලමු වතාවට එකතු උන තරිදු, L.C නානායක්කාර,ජොෂ්  එක්ක මම ලන්ච් ෂීීට් වලින් ඉදුල් වෙන් කරේ මෙහෙ පුරුද්දට ඒත් එහෙ එහෙම වෙන් කරපු කසල බදුන් තියා නිකමවත් කසල බදුනක් තිබ්බබෙ නෑ.
අසංක (මෙයත් පලවෙනි පාර යන්නෙ) බත් ටික අනල අහල පහල කැරකුනු බල්ලලො ටිකට බෙදල දුන්නා. තිබුන එකම විකල්පය උනේ එතන තිබුන පරන කුුුුනු ගිනිතියපු තැනකටම පත්තර ටිකයි කෑම ඔතන කොල ටිකයි දාල ගිනි තියන එක විතරයි.

අංජන මල්ලිි ගෙ දඩු මොනරත් ලොරිියට නග්ගල හිටපු නිසා කට්ටියම ආයෙම පිටත් උනා නාරම්මලින් කට්ටියක් පාර වරද්දගෙන ආයමෙ ටිකක් පරක්කු වෙන්නත් පුලුවන් උනා.

ආ.................... මේ වෙද්දිි නුවර ඉදන් ආපු සචිත් මල්ලි, ඉෂාරයි, දර්ශනයි එක්කම අපිට එකතු වෙලා හිටියෙ.

වාරියපොල හරහා පාදෙනියට ඇවිත් අනුුුුරාධපුර පාරට හැරවේව (පරංගියා කෝට්ටෙ ගෙනිච්චචෙ නෑයෙක් එහෙම නෙමෙයි හෙතුවක් ඇතිවයි වටයක් දාන්නෙ. නිකවැරටියේ යොවුන් පුරයද මොකක්ද ලබ්බක් හින්ද
අම්බානයි තව ටිකක් ට්‍රැපික්, ඒ මදිවට යන හැම වාහනේම චැක් කොරනවලු. ඉල්ලන් කන්න ඕනිි නෑනෙ දන්නෝ දනිති)

පාදෙනියෙත් ටිකක් නවතින්න උනා අපේ හර්ෂ් පෙට්ට්‍රල් ගහන්න ගිහින් මගෑරුන නිසා. මද්දටත් චාන්ස් එකක් ආව ජීීීීවන බරක් සැහැල්ලුු කරගන්න වැසිකිලියක් සෙවීමේ කර්තව්‍යට අසල තිබ්බ සර්විස් සෙන්ටර් එක්කි අදාල පහසුකම් තිබුන නිසා හර්ෂ් පාර හොයන් එන ටිකට ඒ වැඩ කටයුුතුත් සම්පූූර්න කරගත්තා කියමුකෝ.

පාදෙනියෙන් අනුරාධ පුර පාරෙ ගල් ගමුවට යනතුරු තියෙන තනිකෙලින් පාර ගැන අමුතුවෙන් කියන්න ඕනි නෑනෙ වේග සීමාව පැ.කි.මීී 70ට යන්න මාරම මාර ඉවසීමක් ඕනි. ඒකත් (අ)සාර්ථථකයි කීීප දෙනෙක්ටටම ඒක තිබුනෙ නෑ . හැබැයි ගොඩක් අයට තිබුන ඉගිලෙන්න ඕනි අය ඉගිිලෙද්දි ඉතිරි බහුතරය පාර දිගටම හරි ලස්සන දම්වවැලක් හැදුව ගල්ගමුවට යනකන්ම.

ගල්ගමුවෙන් නවගත්තේගමට යන පාරෙ මැද හරියෙදි තමා ඉෂාර ලීීීීක් කර ගන්නෙ
ඔව් ඔව් ලීීීීක් ලීීීීක් රේඩියේටරේ අන්න ඒ ආකාරයට තමා පුතීී ඉෂාර වර්නකුල සූූූූරිය පත්තරේ ඇඩ් එකක් නොදාම රේඩඩියේටර් ලෙසින් ගරු නාමයක් උප්පැන්නෙට එකත් කරගන්නේ.

නවගත්තතේගම ටවුමට යද්දී අපි හොදටම හවස් උනා නෙමේ රෑ උනා. ඉන්දික අයිය එතෙන්ට අපිට පාර පෙන්නන්න එවල තිබුන අයියත් ඉස්සර කරගෙන අදාල ස්ථථානය එනම් වැව,
වැව  කීීවට වැව් තාවුල්ල (නම නම් දාන්ට බැරිියොා්.....) හොයාන පිටත් උනා.
මේ අතරෙදි තමයි උදේ අපිත් එක්ක එන්න බැරි උන ලහිරු(පැතුම්) තට්ට තනියම දුර කතරගෙවාෙගෙන අවිත් අපිත් එක්ක සෙට් උනෙත්.

කලුවර එක්ක තරෙගෙට පැද්දත් අපි පරාදයි.
දිනුම් කනුව පෙනි පෙනී පැරදුනා (ඒ ලයිට් එක දුර වැඩීී)
වැඩට බැහැල 
වැච් පිටිය වටේ පැය බාගයක් විතර එහෙට මෙහෙට කරක්ගහල පස්ට ඕප් රෝඩ් පාරක් දිගේ අදාල ස්ථථානයට ලගා උනා.

කෙසර ඇතුලු කස්ටියක් BBQ වැඩේට අත ගහද්දි,  මම හර්ෂ, හර්ෂ් (කූඩාරම් හර්ෂ කියලත් කියනවලු) තව කීීීප දෙනෙක් ටෙන්ට් ගහන්න තැන් හොයන්න පටන් ගත්තා.
වැව් පිටියක තව මොනා හොයන්නද? හෙයන්නෙද? කූඹියෝ  නැති තැනක්.
මුලු ජීවිතේටම දැකලනෑ එහෙම කූඹි තොගයක් තනකොල කොලයක් කොලයක් ගානෙ කූඹි.

වැවි වල වඩදිය නෑ නේ?
අවසාන නිගමනය උනේ වතුර තිට්ටුව යනතම් තෙත් පොලොවෙ කූඹි නැහැ කියලයි ඉතින් එතන ටෙන්ට් ටික ගහගෙන ඉවර කරල,

සමහරු ගුවන් ගත වෙන්නත් තව කට්ටියක් BBQ එක ලගට වෙලා බෝතලයක් හිස් කරන්ත් කටයුතු කරල තිබ්බ.

අතිශය (අ)සාර්තක ගමනක් නිසා ප්ලෑන් කරප තිබුන කෑම්පිිිින්ග් ඉවනෙට් සේරම සාර්ථක ලෙස කැන්සල් වෙනව.

මේ අතරෙ කීීප දනෙක් ඉන වටක් ගැඹුරේ කරවටක් ජලයේ ගිලිල නාන්නත් සමත් වෙනව.

ඉන්දික අයියගෙ ඔපීීයෙ යාලුවො ටිකයි එක්කගන ඇවිත් තිබුන කුක්මහත්තයි එකතු වෙලා පලාතම සුවද වෙන විදියට කෑම වේලක් හදද්දි මද්දත් බෝතල් ගැටෙන ඉසව්ව හාෙයන් ඇදුන. අපරාදෙ කියන්න බෑ අපේ කොල්ලො බහුතරය අමධ්‍යපයි එතනිනුත් සුලු කොටසක් ගගන ගාමීීන්. මද්ද  ඔය හැම කුලකයටම අයත් නිසා එහෙමටම අව්ලක් උනේ නැහැ.

රසකතා අංක 1(පාදඩ අසපුවේ දාපු කමනේට් එකක්)

අපේ උන් දෙන්නනෙක් අඩි 6-7ක් උස ගලක් උඩට වෙලා ගුවන් ගතවලො

මද්දත් ඉතින් සුරා මේරය මද පමනට ග්ලාස් එකක් දාගද්දිි දෙන්නකේ මද්දෝ................ මද්දෝ.................

කියල කෑ ගහනව බලද්දි අර මි්‍ත්‍රයෝදෙන්න

මමත් ඉතින් මල් වට්ටියට අතගහන්ට කතාකරනව කියල හිතන් අඩි දෙකනේ ගලඋඩ නැග්ගගා

පළවෙනිය- උඹ කෝමද බං ඔච්චර ඉක්මමන්ට උඩට නැග්ගෙ

දෙවනිය - ඇයි බං ඔච්චර උඹ උස?

මද්දා - කෝදියන් පාරක් ෙෙෂාට් එකත් බාගටෙ දාල ආවෙ.

පළවෙනිය - ඒක ඉරයි බං අපිට මේ බිමට බැහැගන්න බෑ මේක හෙන උසයි ඒකයි කතා කරේ

මද්දා - ########

රසකතා අංක 2
*ඒ ලයිට් එක හෙන දුරයි බං - මතක එකෙක් කමනේට් කරපල්ලා
*කව්ද එකෙක් උසස් තැනකලු හිටියෙ.
* ගලක් බදාගෙන නිිදාගත්තේ කව්දද? (කලු ගලක්)

Monday, January 8, 2018

31 රෑ with රෝද දෙකේ Welcome 2k18


🎶🎶🎶 අම්මට සිරි 6.30 නේද ?
යකෝ වැඩ්ඩ වගේ ටෝක් දුන්නෙ 7.00 වෙද්දි ගොලු මඩම හන්දියට එන්න කියල.
ලෑස්ති වෙන්න නම් මොනාද ආය තව විනාඩි  10ක් විතර නිදාගන්නත් වෙලා තියෙනව. ඒත් මේ ටෙන්ට් ටික පටෝගන්න  එපැයි.
 අස්සය බෝර් කරල 40ට එහා යන්න එපාලු පලයන්කො දැන් පුක (පුක යනු කුනුහරපයක් නෙමෙ කියල කව්ද ලියල තිබ්බා) රිදනෙකන් පිටිපස්සෙ ඉදගෙන.

''තිවන්ක අයියේ උඹ එන ගමන්ද?'' කෝල් එක දෙද්දිත් ඌ ලෑස්ති  වෙලා.

හර්ෂය නෝ  ආන්සර්,

''අසිකයෝ අපේ පැත්තට වරෙන් ටෙන්ට්  ටික ගෙනියන්න කට්ටිය ඕනි.''
-''එල මද්ද මම එන්නම්''

 ♩ ♪ ♫ ♬ ♭ ♮ ♯  ♩ ♪ ♫ ♬ ♭ ♮ ♯ ♩ ♪ ♫ ♬ ♭ ♮ ♯

ආයෙම රින්ග් වෙනව මේක
"මද්ද හර්ෂ ෆෝන් එක ගන්නෑ මම වාද්දූවෙ'' සාරංගත් කෝල් කලා.
''ලෑස්ති වෙනව ඇති පොඩ්ඩක් ඔතන හිටපන් දැන් එයි. උෟත් එකක් අපේ  දිහාට වරෙන් ටෙන්ට් ටික පටෝගන්න  ඕනි.''‍

 ♩ ♪ ♫ ♬ ♭ ♮ ♯  ♩ ♪ ♫ ♬ ♭ ♮ ♯ ♩ ♪ ♫ ♬ ♭ ♮ ♯

''මද්ද මම ඇවිත් ඉන්නෙ ''
''හරි හරි දුමින්ද අයියෙ, අපි මේ ටෙන්ට් ටික බයික් වලට පටෝනව ඔතනම හිටපන්''
.............................................................................................................................. 

ඔන්න ඔය විදියට තමයි රස්තියාදු කාරයන්ගෙ හතරවෙනි සංචාරය පටන් ගත්තෙ 
 2017 ට බායි කියල 2018 පටන්ගන්න හිතුවෙ කැලයක් (ඇත්තට කියනවනම් කැලයක් වෙන්න දීපු අක්කර 60ක විතර රබර් වත්තක්) ඇතුලට වෙලා කෑම්පින්ග් අත් දැකීමක් එක්කමයි.

දෙසැම්ඉර් 31 - ජනවාරි 01 දිග නිවාඩුවනේ පස්සෙ ආයෙ ලෝන්ග් වීක්එන්ඩ්ස්  නෑ කියල දැන ගත්තම අකමැත්තනේ උනත් ඒ දවස් දෙකට ටුවර්  එකක් දාන්න සිද්ධ  උනා (ගොඩක් අයට එ් දවස් දකේ බෑ කියල දැන දැනම) යන්නෙ  කොහෙද කියල තැනක් හොයද්දි තමයි තුසිත අයියා කීවෙ මද්ද අපේ ලෑන්ඩ් එකක් තියෙනව ඒක මැදින් දිය ඇල්ලක් එහෙමත් යනව එතන කැමතිනම් කෑම්ප්  එක අටව ගන්න කියල.

අන්තිමට ඉවෙන්ට් එක එතන කරමු කියල යෝජනා ස්තීර උනා. දැන් තියෙන්නෙ ටෙන්ට් හොයන්න තමයි. මුහුනුපොතේ නොදැකපු මිතුරෙක් උන හර්ෂ නිරෝෂන් (ඔව් තවත් හර්'ෂයෙක්) තමයි උදව්වට ආවෙ, අනතිම මොහොත වෙනකන් ගමන යනව කියල ස්තීර කරගන්න බැරි උනත් අවශ්‍ය හැම දේම හොයල දුන්නා. සහෝදරයෙක් වගේ අවශ්‍ය දේවල් කියලත් දුන්නා.

හර්ෂ, අසික,තිවන්ක අයියා, සාරංග ආව ටෙන්ට් ටික පටෝගන්න  ගේ  ලගටම. ඊට 
පස්සෙ තමයි රත්මලාන ගොලු මඩම හංදියට සෙට් උනේ ඒ වෙද්දි දුමින්ද අයියයි, එයාගෙ යාලුවෙක් උන නලීන් ප්‍රභාත් සහෝදරයි එතනට ඇවිල්ල  තිබ්බා. ටික වෙලාවක් යද්දි නුවන් (කොඩ්ඩ) එතන්ටම සෙට් උනා.
රත්මලානට එකතු උන සෙට් එක.

චරිදුයි කේසරයි දෙන්නා මගින් සෙට් වෙන්නම් කියපු නිසා කට්ටියම ගමන පිටත් උනා.
මේ වෙද්දි අපේ නුවර ඉදන් ආපු සෙට් එක සචින්තන, සචිත්,ලහිරු,කවීෂ යි ගමනේ පලමු නැවතුම උන අවිස්සාවේල්ලට කිට්ටු වෙලයි තිබ්බේ.
මේ පාර ලංකාවට ගොාඩ බැහැල හිිිිටපුු අපේ තඩියත් අපිත් එක්ක ගමනට එකතු උනා , එයත් ඒ වෙද්දි නුවරින් අාපු අයත් එක්ක අවිස්සාවේල්ලට සෙට් වෙලා තිබ්බා.
සරේ අවසාන උදේ ආහාරය.
 උදේට කන වලොවත් පහු වේගන ආපු නිසාත්, මගෙයි කොඩ්ඩගයෙි ලගදි බෝර් කරල තිබ්බ බයික් දෙකම  අම්බානට රත් වෙලා තිබ්බ නිසාත්, අපි අවිස්සාවේල්ලට ටිකක් කලින් නවත්තල කෑම කන්න තීරනය කලා. සචින්තනට කෝල් එකක් දීල එහෙන් ආපු අයටත් කෑම අරන් දෙන්න කියල දැනුවත් කරල අපිත් මගින් අරන් ආපු පාන් ටිකට වග කියන්න ලෑස්තිඋනා.
පොඩි ප්‍රශ්නයකට තිබ්බෙ හොදි දාගන්න භාජනයක් නැති එක, ලඟ තිබ්බ කඩේකට ගොඩවලො බුලත් දාල තබ්බ හාජනේ ඉල්ලන් ආපු දුමින්ද අයියා ඒ ප්‍රශ්නයත් විසදල දුන්නා. චරිදුගෙ ඩියෝ එකේ සීට් එක මේසයක් කරගත්තම සේරම ලෑස්තියි.ගෙනාපු පාන් ටික ඉවර කරල දාන්න අරන් ආපු හොදි මදි උනත් ලග කඩෙන් අරගත්තු කෙසලේ ගෙඩි ටික ඒ අඩු පාඩුව පුරවල දුන්නා.


පුවක්පිටිය පාලම ලගින් තමයි කන්ඩායම් දෙකම එකට එකතු උනේ.
කාලෙකින් නාල.
පලමු වෙනි නැවතුම උනේ කුමාරි ඇල්ල කිට්ටුව තිබුන නාන්න සුදුසු විදියට හැදුන පුංචි තටාකයක් වතුරෙ බැස්සම වෙලාව යනව තේරුනේම නෑ. ගමනට අලුතින් එක් උන අයව හරියටම ෆිට් උනතේ එතනදි තමයි
කොඩ්ඩ,කවිය දෙන්න කියන්නෙ නම් සුපිරිම පිස්සො දෙන්නෙක් බ්ලොග් එක පිරෙනකන් ලීවත් මදි මුන් දෙන්නගෙ පිස්සු වැඩ.
ඊලගට අපේ තිවන්ක අයියා අහම්බෙන් සෙට් උනත් නියම සහෝදරයෙක් ටුවර් එකේ ගොඩක් වැඩ වලට සහයෝගය දුන්න.
සාරංග අලුත් නොවුනට මේක  එයාගෙ පලවෙනි ටුවර් එක, නලීන් ප්‍රභාත් නම් අන්තිම මොහාෙත තමයි අපිට සෙට්උනේ.
ඊගට ඉතිම් අපි කව්රුත් දන්න  අපේ තඩිය තමයි ලංකාවට ඇවිත් යන්න ආපු කෙටි නිවාඩුවෙන් දවසක් අපිත් එක්ක  ගෙවන්න  දපොරක් හිතුවෙ නෑ.
හර්ෂ නිරෝෂන් කියන්නෙ ගෙදරව වඩා ටෙන්ට් එකක් ඇතුලට වෙලා දිවි ගෙවන්න කැමති සුපිරිම චරිතයක් එයාගෙ 287 වෙනි කෑම්පින්ග් එක තමයිඑදා අපිත් එක්ක ගෙවුවෙ.
මචං දැන්වත් යමුද?
සෑහෙන වෙලාවක් වතුරට බැහැගන දගලපු කට්ටිය ගොඩට ආවෙනම් ටිකක් විතර අකමැත්තෙන්. ගග ඉවුරට වෙලා සිංදුවක් එහෙම කියල බයික් ටික නවත්තල තිබ්බ තැනට ආවම තමයි කට්ටියට ෆොටෝ ගන්න ඕනි උනේ පාර බ්ලොක් උනා ටිකක් විතර ඒ වැඩෙන්.
තුන්සකරියක් එලවන් ආපු අන්කල් කෙනෙක් බැන බැන යද්දි. ඒ ජාතියේම වාහනයක් පදවන් ආපු ආන්ටි කෙනෙක් "වාව් නියමයිනෙ" කියල ගියා.





ඊලග සචින්තනයි මායි ප්ලෑන් කරපු විදියට ගම වටේ රවුමක් දාගෙන ආපහු පුවක් පිටියට ආව.
පුවක්පිටිය පාලම ලගින් 1 (කුමාරි ඇල්ල)  ලගට එතනින් තමයි අපි නෑවෙ
ඊට පස්සෙ ඔය නිල් පාටින් තියෙන පාර දිගේ ගියා රන්මුදු ඇල්ල හරහා ආපහු 1 (කුමාරි ඇල්ල) පහුකරගෙන කහපාට දක්වල තියෙන පාර දිගේ නැවතත් පුවක්පිටිය පාලම අසලට.
අර පරංගියා කෝට්ටෙ  ගියාට වඩා අපි හොදයි නේද? 
එතනට ලන්වෙද්දි දවල් කෑම වෙලාව හොදටම පහුවෙලා
කෑම කන්න තැනක් හොයන් හතර වටේම පීරුවත් අපිට අවිස්සාවේල්ලට යනකන්ම තැනක් හොයාගන්න බැරි උනා.

අන්තිමට තැනක් ලැබුනා තැනේ හැටියටවත් කෑමෙ ගුනාත්මයත් නොවටිනා තරම් ගානක් ගවෙල උනත් අපිට එතනින් කෑම ගන්නව ඇරෙන්න වෙන විකල්පයක් ඉතිරි වෙලා තිබ්බෙ නෑ.
ඒ අතර තුරේ තමයි අපේ මලියත් අපිට එකතු උනේ. හැබැයි ඒ වෙද්දි තඩියටත් අපනේ සමුගන්න වෙලාව ඇව්ත් තිබුනා. අකමැත්තෙන් උනත් බ්ලොග් එක හරහා අදුනගත්ත දෙවනි සහෝදරයට සමු දෙන්න සිද්දඋනා.

මේ අතරෙ අහබු සිදුවීමක් සිද්ද උනා අපේ සෙට් එක දැකපු පාරෙ ගියපු කාර් එකක් නවත්තල විස්තර අහල මල්ලි විනාඩි පහක් ඔතනම හිටපල්ල කියල ඉගිලිලා ගියා ගියපු වේගෙන්ම අනිත් අතට ආවෙ කිරි පැකට්  පුරවපු කාඩ්බෝඩ්  පෙට්ටියක් අරගනෙයි
"මල්ලි  අපිත් ඉස්සර ඕවකලා බං, ඕනි වෙලාවක මේ පැත්තනේ යද්දි කතා කරපන් කියල සුභ පතපු ඒ අපූරු මනුස්සය අපිට සමු දුන්නා.
"අයියේ උඹ මේක දකින්නෙ නැති වෙයි ඒත් අපේ මතකෙ හැමදාම උඹ ඉන්නව" ලංකාවේ හතර වටේම ඉන්නම අපේ  පිස්සෝ  ටිිිකට උඹව අමතක වෙන්නෙෑ.

බයිසිකල් දම්වැල කුරුවිට පැත්තට පියාබද්දි සුපුරුදු පරිදිම සචින්තනගෙ බයික් එක ලෙඩ දෙන්න ගත්තා. හොදටම රෑ වෙලා තිබුන නිසා මම,හර්ෂ (ලා දෙන්නම),චරිදු,කවියා,සාරංග එක්ක කෑම්ප් සයිට් එකට ගියේ ටෙන්ට් ටික තවත් රෑ  උනොත් අටව ගන්න බැරි වෙන නිසයි.
තුසිත අයියා අපිට පාර හොයාගන්න ලේසි වෙන්න පාරටම කෙනෙක්ව එවල තිබුන නිසා තැන හොයාගන්න වැඩි අපහසුවක් උනේ නෑ. ලගම තිබුන ගෙදර බයික් ටික දාල පුලුවන් ඉක්මන්ට කෑම්ප් සයිට් එකට පිටත් උනා.

අම්මට සිරි බලාන්කො මෙක
තුසිත අයිය අපි වෙනුවනේම එතන සුද්ද කරවල‍්, බිම මට්ටම් කරල වෙන එකක් තියා ගිනි ගොඩ ගහන්න අවශ්‍ය දර ටික පවා ලෑස්ති කරල තිබුන.
හර්ෂ නිරෝෂන්ගෙ  උපදෙස් අනුව යමින් ටෙන්ට් තුනම ඉතාම ඉක්මනනින් හදා ගන්න අපිට පුලුවන් උනා (ඇත්තම කියනව නම් හර්ෂ නිරෝෂන් ම තමයි වැඩේ කලේ අපි අත් උදව් දුන්නා පමනයි)
 ටික වෙලාවක් යද්දි සීසසන් කරපු චිකන් ටිකත් එක්ක ග්‍රිල් එක ආවම,ග්‍රිල්එකට  ගල්  අගුරු ටිකත් එක්ක ගිනි අගුරු ටිකක් දාල    (මේකත් ර්ෂ නිරෝෂන්ගෙ  උපදෙසක්ම තමයි මෙච්චර දවස් මම ගල් අගුරු ටික පත්තු කරන්න විදපු දුකක්  )  නාගන්න කියල පහලින් තිබුන දොල පාරට ගියා කෑම්ප් එකට දොල පාරේ සංගීතය ඇහනෙ දුරින් තමයි ඒක ගලන් ගියේ.
වතුර පාර සාමාන්‍ය සීතලක් තිබුනත් තිබුනත් තිබුන මහන්සියත් එක්ක ඒ සීතල ඇගේ තිබ්බ විඩාවත් අරන්ම පහලට ගලාගෙන ගියා.

කෑම්ප් එකට ගිහින් ඇදුම් එහෙම මාරු  කරල BBQ ටික දාන්න පටන් ගද්දි රෑ  කෑම ටිකත් ආව විනෝදදෙන් කතා බහ කරන අතරෙ කාලයත් ටික ටික ගෙවීන යනකොට අපේ නඩේ ඉතිරි අයත් කෑම්ප් එකට ආව.
අත් හෝදන්නෙවත් රයිඩ් කරපු ග්ලව්ස් ටික ගලවන්නවත් අමතක කරපු කට්ටියම   BBQ එකට වග කියන්න  ගත්තෙ මොන හදිස්සියකින්ද කියල මට නම් තේරුනේ නෑ.

 කොහොම හරි ඒ ටික ඉවර කරපු සෙට් එකම දොල පාරට ගිහින් නාගනෙ එහෙම ඇවිත් ගිනි ගොඩ වටේට එකතු වෙද්දි සවින්තගෙ ගිටාර් එකේ සංගීතෙට සින්දු කීපයක් ගලාගෙන ගියා
(දැන් කාට හරි හිතෙයි තොපි මේපාර බීවෙ නැද්ද කියල? නෑ  මේපාර බීවෙ නෑ ඊට වඩා හොද යමක් කලා කියමුකෝ. හැබැයි අපේ සෙට් එකේ කිහිපදනෙයි ඒත් මාත් එක්කම)

♪ ♫ මේක රෝද දෙකේ රස්තියාදුව........♪ ♫

♪ ♫ සිහින සැබෑ කරන අපේ ලෝකය............♪ ♫♪ ♫

♪ .......................


කාලෙක ඉදන් හිතේ තිබ්බ හීනකෙට තටු දුන්නෙ සචින්තන,කොඩ්ඩ එක්ක තිවන්ක අයියා.
අපේම කියල සින්දුවක්.

 මාරම සතුටුයි. සෑහෙන්න රෑ වනෙකන් සින්දු සතුටු කතාබහ අතරින් ගෙවිල යද්දි කීප වරක්ම කීවට පස්සෙ  කට්ටිය රෑ කෑම ගැන හිතල තිබුන.
ගෙදරටත් වඩා හොදට නිද්දගියා කෑම්ප් එකක් ඇතුලෙ තියෙන සනීපෙ ස්ප්‍රින්ග් මෙට්ට 10ක් දාල නිදාගත්තත් දැනනෙ එකක් නෑ කවදාවත්. උදේ ඇහරිලා එලියට  එද්දි අපේ උන් ටික තේ හදන්න  ලෑස්තිය ඉක්මනින් ගිහින් මූණ එහෙම හෝදන් ඇවිත් බිස්කට් පැකට් ටිකත් කඩල ලෑස්ති කරල දුන්නා  මොකද කියනවනම් උදේ කෑම එක ටිකක් විතර පරක්කු වෙනනිසා මම කලින්ම බිස්කට් ගොඩක් ගෙන්නවලයි තිබුනෙ.

ඊට පස්සෙ තමයි කට්ටියගෙ සෙල්ලම පටන් ගත්තෙ ලග ගදෙරක දාල තිබුන බයික් ටික සයිට් එකට අරන් ආවෙ දොල පාර හරහට දාල තිබුන ගල් වැටිය දිගෙයි ටිකක් විතර අමාරු උනත් මගෙයි කොඩ්ඩගෙයි අස්සයො දෙන්නා වැඩි අමාරුවක් නැතිවම ඒ ටික තරනය කලා.
ඊට පස්සෙ සුද්ද කරප තිබ්බ  අක්කර දෙකක විතර ප්‍රමානය පුරාම රවුම් කරකවන්න බයික් දෙක අතින් අතට මාරු උනා. කවියා ජනාරි පලවෙනිදම ඔලුව තුවාල කරගන්නත්, මලිය වැටෙන්න ගිහින් නොවැටි බේරෙන්නත් ඒ අතරෙ සමත්කම් දැක්කුවා.

ටික වෙලාවක් යද්දි උදේ කෑමත් අරගෙන ආපු තුසිත අයියි තවස් සප්රයිස් එකක් දුන්නා අක්කර 60 පමන උන ඉඩම ඇතුලමෙ සාමාන්‍ය තරමේ දිය ඇල්ලක් තියෙව කියල ඉතින් ටිකක් විතර දුෂ්කර පාරක් දිගේ දිය ඇල්ල ගාවට යන්න අපිට පුලුවන් උනා.
 එකනටම අරන් ගියපු කිරි බත් ටිකත් රසවිදින ගමන් නාගන්නත් පලුවන් උනා (ඔව් ඔව් නාන ගමන් තමයි කෑවෙ) ඇති වෙනකන් දිය කෙලියෙහි යෙදුනට පස්සෙ  කට්ටිය වෙව්ල වෙව්ල  ගොඩට ආවෙ එදා දවසෙ අපිට වෙන් වෙලා තිබුන වෙලාව අවසන් කියල මගේ නිවේදන කිහිපයක්ම නිකුත් කලාට පස්සෙ තමයි.
තුසිත අයිය වගෙු්ම ඉඩම බලාගන්න හිටපු හැම දෙනාටත් ස්තූති කරල අපි කෑම්ප් එක අකුලගෙන ආපහු එන්න පිටත් උනා.
කට්ටියක් දිවා ගුහාව බලන්න යන අතරෙ කට්ටියක් කඩයක් ගාව සින්දු කීව, මද්ද ටිකකට මිසින්ග් උනේ ගෑල්ලමය කුරුවිට ටවුන් එකනේ ගන්න තිබ්බ නිසා(ආ.........එයා මේ ගෙදර ගිහින් එන ගමන් බැස්ස) ආපහු කට්ටියට එකතු වෙද්දි සින්දු කිය කිය හිටපු අයට පොඩි ෙපාඩි සංග්‍රහයන් එහෙමත් ලැබිල තිබුන. දිවාගුහාව බලල අනිත් කට්ටියත් ආවට පස්සෙ අපිට දෙපැත්තට බෙදෙන්න සිද්ධ උනා නුවර යන අය එක පැත්තකටත් කොලඹට එන අය තවත් පැත්තකටත් පිටත් උනේ.




ප.ලි - ඉඩම පිහිටා ඇත්තේ දිවා ගුහාව ආසන්න ගමකයි. අවශ්‍ය අයෙක් වෙතොත් තොරතුරු ලබා දිය හැක.


Thursday, December 7, 2017

රෝද දෙකේ රස්තියාදුව @ පුලතිසිපුර.

ගමන්  දෙකක්ම සාර්සථක ලෙසම ඉවර කරපු රෝද දෙකේ  රස්තියාදුව තුන් වෙනි රස්තියාදුව ගහන්න පොලොන්නරුව තෝර ගත්තා.

 හතර වටින් කට්ටිය අම්බානට සෙට් වේගෙන ආව. මීටිමක් එහෙම තියල අපේ ඇඩ්මින්ල සෙට් එක ටයිම් ටේබල් එකක් එහෙම ලෑස්ති කරල ⁣දිග..... සතිඅන්තයක් වෙච්චි දෙසැම්බර් මාසෙ 1,2 දවස් දෙක තෝර ගත්තා.
මේ විදියෙ කාලගුණයක ඇවිදින්නෝ කවර නමකින් හැදින්වේද?
හැබැයි කාලගුණික වෙනස් වීමත් එක්ත අපේ සැලසුම් අවුල් ගියා සංචාරයත් නවතින තැනට වැඩ සකස් වීගෙන එද්දි තමා උන බහින්නෙම නැති බයික් පිස්සො සෙට් එකගෙන් සැරින් සැරේ මැසේජ් ආවෙ "මද්දා වැස්සත් යනව නේද?" කියල ඉතින් මද්දටත් සහලෝල උන නිසාත්, වැස්සකට උනත් නවතින්න අකමැති මම වගේම තවත් උන කාරයන් සිට්න නිසාත්,  යන තරම් පිරිසක් සමග ගමන ගිහින් එනව කියල තීරනය කලා.

යනව කියපු අය එක එක අඩු වෙද්දි අලුත් පිස්සො ටිකක් එකතු උනා අන්තිමට 14 දෙනෙක් එකතු උනා.

මලිය, සචින්තන, සචිත්‍ර ගිය පාර ටුවර් එකේදි මට හම්බ උනු පිස්සො අතරින් සුපිරිම පිස්සො ටික. ඊට අමතරව හැමදාම මට හයියක් උන හර්ෂ,චේති,සමීර, මුන් ටික ගැන කලින් පෝස්ට් එකේ කියපුනිසා ආයෙ මොකටද හෝද හෝද මඩේ දාන්නෙ.

ලහිරු මදුසංක (බලපංකො ඉතිම් නමටත් කෙලියා) ගිය පාර ටුවර් එකත් මිස් කරගෙන සෑහනේන දුකනේ හිටියේ.මේ පාර වැස්ස නෙමෙයි කුනාටුවක් ආවත් එනව කියල ස්තීර කලා. ගමන යනව කියල මාව හම්බෙන්ම ඇවිත් කියල ගියපු ලහිරුත් පැතුම් වත් ෂුවර් ලිස්ට් එකට ආව (ගෘප් එකෙන් බාගයක්ම ලහිරුල ශ්‍රී ලංකා ක්‍රිකට් ටීම වගේ) ගොඩක් තැන් රෝද දෙකෙන් කවර් කරල තිබ්බ්බ කෙනෙක් හැබැයි තනියම.
චතුරංගත් ටිකක් කල් ඉදන් ගෘප් එකේ හිටියට මේක තමයි අපිත් එක්ක ගිය පලමු සංචාරය, එයාම තමයි අපිට කෙසර වත් සම්බබන්ද කරේ නියම පිස්සෙක් තමයි කෙසර. මීට අමතරව තමයිි රන්දික සෙට් උනේ වතුරට බය උනාට  වැස්සට නම් බය නෑ  හැබැයි.
තව කිහිප දෙනෙක්ම යන්න හිටියත් වැස්සටත් වඩා එයාලගෙ ගමනට රාජකාරී  කටයුතු  හරස් උනා.
පුල පුලා බලන් හිටපු දෙසැම්බර් පලවෙනිදට එලි උනේ වැස්ස අඩු නොවීමයි. 7.30 දාල තිබ්බ ආරම්භය 8.30ට තල්ලු කරල බලන් හිටියෙ වැස්ස ටිකක් අඩු වෙනකන් මොන අඩුවක්ද?  බොහෝම අමාරුවෙන් ගෑනු ළමයවත් කැමති කරවගෙන වැස්සෙම එලියට බැස්සා.
අපේ හර්ෂ  මහත්තයත් ආව මාව එක්කන් යන්න ගෙදරටම.
කොහොම හරි 9.00 විතර වෙද්දි පිලියන්දලින් පිටත්වෙන අය ඇවිත් හිටිය එක්කෙක් ඇරෙන්න.
ඔව්, සමීර තමා නැත්තෙ එලියට බැහැගන්න බැරි් තරම් වැස්ස වැඩි නිසා 10.00 විතර වෙනකන් බලන් ඉදල තමයි එයාව එලියට ගන්න පුලුවන් උනේ. ඒ අතර මගදි ජංගමයාව මග වට්ටල ඒක අහුලපු එකත් අපිට ලස්සන ටොෆියක් දීල වටයක් යවල තව ටිකක් පරක්කු කලා.
කොහොමහරි අපි ගමන පිටත් වෙද්දි  පස්යාලෙන් එකතුෙ වෙන්න හිටපු අය එතනට ඇවිල්ල. වැස්සට යටින් පිලියන්දල ඉදන් වරකාපොලට  ඉගිලුනා. එ් වෙද්දි සචීල දෙන්නත් කුරුණැගලට ඇවිත් වෙනමම ටුවර් එකක් දාල තිබ්බා.
කාලම යමු බං


 ඉතින් දවල්ට පොලොන්නරුෙවන්  දවලට කන්න හිටපු ලන්ච් එකත් මගින්ම කාල, ආයමෙ පාරට වැටිල කුරුණැගලට ආව, හිටි හැටියෙම සමීර ආගිය අතක් නැති උනා.
 ටික වෙලාවතින් රා්ෙද දෙක සුදු ඉරක් මතින් රැගෙන යාමේ භාග්‍ය කරණකාෙට ගෙන මහා දඩ රාජයෙක් අතැතිව ජයග්‍රාහී  විලාශයෙන් පැමිනියා (මූ එලියට බහිද්දි මොකාව දැකලද මන්දා).


ඉතින් මද්දගෙ හෝම් ටවුම වෙච්ච කුරුණැගල බයික් එක පදින්න ආසම පාරවල් දෙකෙන් එකක්(අනිත් එක තමයි ඇතුගල උඩට යපාර ඒක සචීල දෙන්නම් කවර් කරල තිබ්බා.) උනු වැව රවුම හරහා කට්ටිය රවුමක් ගෙනියන්නත් අමතක කලේ නෑ.
ඉස්සර අපි වල බහින කාලෙ මේව මෙහෙම කාපට් පාරවල් නෙමේ අපේ හාමුදුර්නෙ.

වැදගත්ම දේ තමයි වැහිදෙයියෝ තමන්ට අවනත නොවුන මේ රස්තියාදු කාරයො ටිකට සමාව දීල වැස්ස එ් පැත්තෙන් අරන් ගිහින් තිබ්බා.
ගියපාර අදින්න බැරි උන ටීෂර්ට් ටික මේ පාර නම් අදින්න පුලුවන් උනා අලුත් සාමාජිකයන්ට වගේම කලින් පාර නොලැබුන අයටත් ටී-ෂර්ට් ටික බෙදල දුන්නෙත් වැව අද්දරට වෙලාම තමයි.
පාර මැද්දෙම ඇදන් හිටපු ටීෂර්ට්  ටික ගලෝල දාපු අපේ කොල්ලොටික රෝද දෙකේ ටී  එකට මාරු උනේ පුදුම ආසාවකින්. ඒක දැක්කම ටී-ෂර්ට් හොයන්න,මහන්න කාපු කට්ට පාඩුක් නෑ කියලත් හිතට දැනුනා.
ඉතින් ගන්න පුලුවන් තරමක් පොටෝස් කැමරා කාච වල සටහන් කරගෙන ආයතේ පාරට ආව.
කට්ටියවම එකම පේලියකට තියා ගන්න ටිකක් අමාරු උනත් ටික වලොවක් යද්දි හැමෝම ඒකට පුරුදු වෙලා. ඒ උත්සාහය සාර්ථකයි කියල දැනගත්තෙ  හර්ෂ  කියපු වචන ටික්කින්. "මචං හෙඩ් ලයිට් ටික දාගෙන එකම පේලියට යන එකේ ලස්සන පේන්නෙ  පිටිපස්සෙන්ම එන උන්ට බං පාර දෙපැත්තෙ ඉන්න මිනිස්සුන්ගෙ  හිනාව පේන්නෙත් පිටි පස්සෙන් එන උන්ට"
ඔව් මචං ඒ හිනාව අැතුලෙ බලා පොරොත්තුවකුත් ඇති කරමින් තව ගොඩක් තැන් තියෙනව ඇවිදින්න.

දඹුල්ලට එකන්ම එක හුස්මට ඇවිත් පොඩ්ඩකට නතර උනේ තෙල් ටැංකි සමහරක් හිදෙන්න කිට්ටුවෙලා තිබුන නිසයි.
ටැංකිය පුරවන් එලියට එද්දි දැකපු දර්ශනයනම් මගෙ හිතට ඒතරම් ඇල්ලුවෙ නෑ.
සචින්තනයා එයාගෙ ක්ලැසික් කොල්ලගෙ වයර් ට්ක ආයෙම අදින්න පටන් අරන් තිබ්බා.
සචිය ප්ලීස් මචං ඇති
 අම්ම ගායි මතකයිනෙ ගියපාර දුන්න ආතල් එක. ඒක මතක් වෙලා මගෙ ඇග සීතල වෙලා ගියෙ තාම හබරණ පහු කරල නෑ කියල මතක් උනාමයි. කොහොම හරි හාර්නස් එකේ තැන් 10ක් විතර කපල ටේප් කි.මි 2ක් 3ක් ගහල නැවත පන ගන්න ගත්තා. දැන් නම් සෝක් ස්පොකට් වීල් දෙකත් දාලම තිබ්බ නම්.
හරියට හූනෝ ලු.






ආයෙම රෝද දෙකේ දම්වැල ඉස්සරහට ඇදෙන්න ප⁣ටන් ගත්තා ටික ට්ක කලුවරත් පරිසරය වෙලා ගද්දි අපි හබරණ. පාර හැම තැනම ⁣හූනො ගහපු බොඩ් ගොඩක් තිබ්බා. මම හිතන්නෙ හරියට හූනො ඇති හබරණ කැලේ.

කි.ම් 2කට කිට්ටු දුරක් යද්දි තමයි පාර අයිනෙ ඉදපු යාලුවෙක්ව අපිට හම්බ උනේ බයිසිකල් දම්වැලේ ඉස්සරහම ගියපු ලහිරු මහත්තය අලියෙක් දැක්කම ඌට කෑගහල කුලප්පු කරන්න හැදුවෙ ඇයි කියල මට නම් තේරෙන්නෙ නෑ,එක්කො මූට අලිය මෙචචර ලොකුවට ඉදලත් පෙනිල නෑ. කොහොම හරි මද්ද ඊට පිටු පස්සෙන් ගියපු නිසා "තොට පිස්සුද කියල" ඇහුවම උටත් හොද සිහිය ආව. මම හිතන්නෙ ඌට එක පාරටම මතක් උනා මූ අලියෙක් කියල.
කොහොම හරි ඒ අහිංසකයගෙන් කාටවත් හිරිහැරයක් නැති පාටයි. ඊට පස්සෙ දෙතුන් පාරක් නැවැත්තුවෙ කිහිප දෙනෙක්ගෙම (මද්දත් ඇතුලුව) අැස් වලට පොඩි පොඩි සත්තු කිහිපදෙනෙක් ගිය නිසයි.

ඇත්තටම මේ පාරෙ දුර සදහන් කරල දාපු බෝඩ් ගහපු එකා නැත්තම් මැනපු එකා මොනා හරි කරල ඉදල තියෙන්නෙ. මොකද එ්වගෙ පෙන්නපු විදියට පොපොන්නරුවට තියෙන දුර අඩු වෙලා ඊග එකේදී ආයෙම වැඩි වෙනව.
කොහොම හරි පොලොන්නරුවට ලගාවෙද්දි අදුර පරිසරය වෙලාගෙන ඉවරයි.


මාලු වැවේ ඒව.

ඊට පස්සෙ මාලු කඩයක් ලග නතර වෙලා BBQ වලට සුදුසු මාලු හෙව්වත් තියෙන ඒව ඒ වැඩේට ගැලපෙන්නෙ නෑ කියලයි ඒ අය කීවෙ ඉතින් BBQ වෙනුවට deep fry කරන්න එතන හිටපු ලොකුම මාලුවාව කප්ප ගත්තු අපි නවතින්න ලෑස්ති කරපු තැනට (සමීරගෙ වයිෆ් තූමීලගෙ ගෙදර) ලගා උනා.
කට්ටියම බයික් ටිකට විවෙක ගන්න දීල ගේ ඇතුලෙ තිබුනු පිටු වලට බර දුන්නා.





මද්ද හෙමිහිට ගෙදර අංකල්ට කතා කරල බීම ජාති තියෙන තැනක් ගැන ඇහුවම අංකල් අපේ අයව තැන පෙන්නන්නම එක්කගෙනත් ගියා. අන්න එහෙමයි වැදගත් මිනිස්සු.
සමීරය නොබීවට ඌ පින් කරල තියනව ඒවගේ අනර්ඝ මාමන්ඩි කෙනෙක්ව ලබන්න. හැයි අංකල් නම් පව් කරල මූ වගේ එකෙක් ලැබෙන්න.
මේ අ⁣තරෙ තමයි සමීර සෑහෙන්න වෙහෙසක් දැරුවෙ අපේ කට්ටියව නාවන්න. කොලඹ ඉදන් ඇති වෙන්න නාල ආවත් සබන් ගාල ආයෙම නාන්න අවශ්‍ය නිසා මද්දනම් කලින්ම බාත් රූම් එක ඇතුලට පැනගත්තා.
හැබැයි කිහිප දෙනෙක්ම නාගන්න සෑහෙන්න අකමැති බවක් තමයි පෙනුනේ.
නාල එහෙම ඉවරවෙලා තෙත නැති ඇදුම් වලට මාරු වෙලා නිදා ගන්න ලෑස්ති කරපු තැනට ආව. කලින් වෙනම ගෙයක් බුක් කරල තිබ්බත් පිරිසඅඩු නිසා සමීරගෙ අදහස අනුව එතනම අලුතින් හදල තිබුන (විවෘත කරල නම් නෑ මම හිතන්නෙ) ගෙදර කාමරයක් ලෑස්ති කරන අදහසට  මම කැමති උනා.
ලහිරු පැතුම් කොලඹ ඉදන්ම උස්සන් ආපු ⁣බොං⁣ගො එකේ හඬට සචින්තනගෙ සින්දුත් එකතු වෙන අතරෙ බෝතල් විවෘත වෙලා.
දේශීය හා ඉන්දියානු දුම්කුත් ඒ පැත්තෙන්  ආව කියලයි  දන්න අය නම් කියන්නෙ.
ලක්මාලි අක්කගෙ (සමීර හාමිනේ) අම්ම බැඳල දුන්න වැව් මාලු ටික බයිට් වලට වඩා ඩයිට් එක වෙන අතරේ මද්දා ඇතුලු අමධ්‍යප විරෝදී සංගමයට ඒකට ඉඩ දෙනව ඇරෙන්න වෙන කරන්න දෙයක් තිබ්බෙ නෑ. දෙවනි ප්ලේට් එකත් ඒ වැඩේම වෙනව දැකපු මද්දට බලන් ඉන්න බැරිම තැන ඒකෙන් බාගයක් වෙන් කරල දීල ඉතිරි කොටස රැක ගන්නත් සෑහෙන වෙනසක් දරන්න උනා. සින්දු කිහිපයක්ම ඉවර වෙලා රෑට කෑම කන්න තීරනය උනා. කෑම ටිකගැන නම් කියන්න වචන නෑ බත් පිගන් දෙකකට විතර වග කියල නිදාගන්න තැනට ආව.
ඊට තමයි සචින්තන ගෙ ගීත වල විචාර වැඩ සටහන පටන් ගත්තෙ ඇත්තටම මොනා උනත් ඒ සින්දු ලියපු කෙනාවත් මේව හිතල තිබුනද කියල මටනම් සැකයි.


Friday, November 24, 2017

සිංහරාජ හරහා රෝද දෙකේ සංචාරය

ඔන්න ඉතින් අපි හතර දෙනාගෙ බලංගොඩ සංචාරයෙන් පස්සෙ  රෝද දෙකේ රස්තියාදුකාරයො එක එක්කෙනා අපිත් එක්ක එකතු උනා,
ටිකෙන් ටික ඊලග ගමන ගැන ඉල්ලීම් ආව,

තැන් කිහිපයක්ම යොජනා උනත් අන්තිමට තීරනය උනේ සිංහරාජය හරහා ගමන යන්නයි.
අපේ ආරම්භකයන් වගේම පලවෙනි ගමනෙ සාමාජික උන චේති කලින් ඒ ගමන ගිහින් තිබ්බ කෙනෙක්.ඒ වගේම හර්ෂනත් කලින් ගිහින් තිබ්බ  කීපවරක්ම. ඉතින් අපේ අන්තිම තීරනය උනේ ඒක.
ඊට පස්සෙ තමයි නවතින තැන් හොයන්න පටන් ගත්තෙ කොහෙද මද්දට එහෙ කව්රුත් නෑයො නෑනෙ කලින් පාර වගේ පිනා චාන්ස් වදින්න.

ඉතින් බුකින් ඩොට් කොම් පීරන්න පටන් ගත්තා තැන් කිහිපයක්ම බැලුව සමහර ඒවයෙ ඉඩ නෑ, ගාන වැඩියි (සල්ලි කාරයො අඩුයි නේද බයික් පදින), තියෙන පැකේජ් flexible නෑ, ඔහොම ප්‍රශ්න ගොඩකට මූන දීල ඉද්දි තමයි මද්දගෙ හොදම යාලුවෙක් උන(සහෝදරයෙක් කීව නම් තමයි හරි) සමීරගෙ ගම ඒ කිට්ටුව කියල මට මතක් උනේ ඉතින් මැසේජ් එකක දාල වැඩි වෙලාවක යන්න කලින් "උඹ බය වෙන්න එපා යන ගාන හරියට කිපන් මම හොයල දෙන්නම් කියල රිප්ලයි එකක් ආවෙ"
තවත් මොනවද දෙයියො දැක්ක වගේ.
සමීරගෙ වචන මට අම්ම තාත්ත වගේ සුවර්, පොඩි අව්ලකට තිබ්බෙ බයික් වල ටුවර් යන්න මෙයා එච්චර කැමති කෙනෙන් නොවන එක හැබැයි මම ටිකක් කෙදිරි ගෑවම කැමති උනා යමු කියල.
ගෘප් එකට දාල සති දෙකක් යද්දි ඌත් බයික් පිස්සුව තදටම හැදිල ඉවරයි.
ඊලගට චේති ස්කූටර් එක restoration එකක් කරන්න බලන් හිටපු නිසා කැමති උනේම නෑ යන්න ඒත් හොදටම කැලැසික් පිස්සුව තියෙන නිසා සචින්තනගෙ බයික් එක ඇමක් විදියට පාවිච්චි කරල නමා ගන්න පුලුවන් උනා.
Sachinthana's bike Honda CD 125 (early 90'S ) චේති ආවෙ මේක පදින්නමයි 


හරි හරි සචින්තන ගැනත් කියන්නම් කැලණිය  සරසවියෙන් උපාදිය ඉවර කරල ලගදි තමයි පෞද්ගලික අංශයේ රැකියාව පටන් අරන් තිබ්බෙ හැබැයි සහලෝල බයික්/classic/traveling කියන උන වලින් පෙලුන කෙනෙක් තමයි, නුවර පැත්තෙ හාදයෙක් උනාට නුවර උනනම් නෑ. සචින්ත එක්ක එයාගෙ ගෑනු ලමයයි තව බයික් පිස්සෙක් වෙච්ච සචිත්වයි එක්කගෙන මූත් සුපරිම බයික් පිස්සෙක් තමයි.
මේ අතරේ තමයි මට ලසිතව සෙට් උනේ එයා මිනුවන්ගොඩ පදිචි මෙයා පෞද්ගලික ආයතනයක අලෙවි අංශයේ තමයි වැඩ කරන්නෙ (ලංකාවෙ ලොකුම IT company එකක) මෙයා තමයි මිනුවන්ගොඩ කිට්ටුවෙන් ගමනට ආපු අයව සම්බන්ධීකරන කටයුතු කලේ.
අසික පෙරේරා ගම මාතර කිට්ටුව උනාට ඉන්නෙ කටුබැද්දෙ.අර මේන් මෙච්චර විතර ලොකු තඩි ජෙනරේටර් කොම්පැනියකනෙ වැඩකරන්නෙ. අපේ ඔපීසියල් පොටෝ ගැපර් උනේ මෙයා.
ඔය අතරෙ චේතිගෙ යාලුවො තුන්දෙනෙකුත් සම්බන්ද උනා සසිදු,චරිදු,මදුශංක මේ තුන්දෙනාක් හොදවම බයික් උන හැදිල තිබ්බෙ.
තව මලියගෙ සටහන ලියන මලියත් අපිත් එක්ක සෙට් වෙලා ඉන්නව කියල දැනගත්තෙ අන්තිම දවස් වෙද්දියි(මේ පාර පොටෝ ටිකයි වීඩියෝ ටිකයි එඩිට් කරන වැඩ ටික මලියගෙ කරපිට).
මේ අතෙර තමයි රත්නපුරේ ඉදල තුසිත අයියා විස්තර ඇහුවෙ ගමන ගැන අන්තිමට මැසේ්ජ්  100ක් විතර දාල එයාවත් ගමන යන්න කැමති කරගත්තා පලවෙනි දවසෙ රෑ අපිට සුපිරිමකෑම වේලක් හදල දුන්නෙ මෙයාගෙ අතින් තමයි.
ඒ අතරෙදි තමයි ගාල්ලෙන් චරිත කියල තවත් සුපිරිම බයික්/traveling පිස්සෙක්ව හම්බ උනේ, STF  එකේ වැඩකරන කෙනෙක් උනාට නිවාඩුවක් දාලම ආව අපි එක්ක ගමන යන්න. එයා ගානෙ ගියපු හැම බයික් එක්කටම සමරු ස්ටිකර් එකක් එයා හදන් ඇවිත්තිබ්බා.
යන්න කිට්ටුම වෙලා තමයි අපිට දුමින්ද අයියව හම්බ උනේ බලන් යද්දි මම කාලයක් ජීවත් උන කුරුණෑල ගමේම කෙනෙක්.
ඊට අමතරව ඉතින් මද්දයි හර්ෂයයි තමා අපි ගැන මොනා කියන්නද කියන්න දේවල් හුගක් ඇතී  ඒත් ඕනිනෑ.

වැඩිය නෑ බයික්15යි,කොල්ලො16යි,කෙල්ලො4යි.

ඔන්න ඔහොමයි පෙලගැස්ම.


කෑම බීම අපිම හදාගන්නයි plan කලේ.මේ අතරෙ තමයි T-shirt එකකුත් ඕනි කියන අදහස ආවෙ. දවස් දෙදක් විතර discuss කරල තමයි final එක තිරනය උනේ. ඉතින් ඒ ඩිසයින් එකත් අරන් සමීරයි මායි ඉරිද උදේම පිටකොටුවට ගියා අපි නැග්ගම පුවක් ගස් වල දෙබල්නෙමෙි කරටියත් නෑ . කඩ ඔක්කොම වහල. සැලෙන්නෙ නෑ පිංවතු⁣නි ඇද්ද පමුනුවෙ එහෙත්ගොඩක් ඒව වහල හැබැයි එක තැනක් සාධාරණ ගානකට කරල දෙන්න කැමතිඋනා දවල්ට කෑමත් නෑ ගෙදර එද්දි 3.00  පහුවෙලා.
මෙන්න ටිකකින්  චේති ගෙන් කොල් එකක් එනව "අයියෙ උඹලට කීයටද සෙට් උනෙි ටී එක"
මද්දත් ඉතින් "ඇයි උඹට අඩුවට සෙට් උනාද කියපන් බලන්න ගාන"
"අයියෙ $$$කට පුලුවන් කීව"
අම්ම ගායි යකෝ උදෙි ඉදන් අව්වෙ කට්ට කාල හොයාගන්න බැරි උන එක මූ ගෙදර ඉදන් මෙච්චර ලාබෙට හොයල .
එහෙනම් ඉතින් එතෙනට බාර දියන් කියල design එකක් එතනට email කලා.
එ්කත් හරි දැන් ඉතින් යන්න තමයි තියෙන්නෙ.
ආ.......එකතොට BBQ
හර්ෂවත් ඇදගෙන යනදවසට කලින් දවසෙ මස් කඩ ගානෙ ඇවිදල අඩුවටම fresh චිකන් 10 kg උස්සන් ආව. දැන් ඉතින් දාන්න එපැයි ඕක ප්‍රිජ් එකට ඉඩ නෑ යකෝ ඇනෙක්ස් එකේ තියෙන්නෙ තනි දොරේ එකක්.

ඔන්න ඉතින් දවස ආව. මුලින් අපි සෙට් එක පානදුරට එකතු උනා. තුසිත අයියයි හර්ෂනයි රත්නපුරෙන් පිටත් වෙලා  ඒ වෙද්දි. සචින්තනත් නුවර ඉදන් එනගමන් මලියයි ලසියයි දෙන්නත් මගින් අහුලෙගන තිබ්බා.

දැන් පිටත් වෙන වෙලාව උනාට චේති  නෑ  තාමත්, කෝල් එකක් දුන්න කෙලල තියෙන්නෙ ටී  ෂර්ට්  ටික ලැබිල නෑ ප්රින්ට් කරන්න දීපු එකා බුලක් කෙලල 1.30 යන්න හිටියට මේක නිසා පිටත්  වෙන්නත් පරක්කු උනා
චරිතට කව්ද කීවලු අපායට ගියත් කලින් යන්න කියල ඒක නිසා මෙයා 3.30 එන්න කීවට 3ටත් කලින් පැලවත්තට ඇවිත් 5.00ත් පහුවෙනකන් කට්ටක් කෑව.
මතුගම හරියෙදි සචින්තනගෙ බයික් එක ගරාජ් එකක ගාල් කරන් ඉද්දි  අපි උන්ටික හොයා ගත්තා. ස්ටාර්ට් නාෙවී  තිබ්බ බයික් එක ස්ටාර්ට් කිරීමේ ගෞරවය මම දන්න විදියටනම් හර්ෂට තමයි  දෙන්න ඕනි.

ආයෙම පාරට ටික ටික අදුර වැටීගෙන එනකොට කට්ටියගෙ වේගයත් ටික ටික වැඩි උනා ඒ අතරෙ කට්ටියක් පහුවෙලා මද්ද ඉස්සරහින්ම ගියත් සෑම පැය භාගයකට වගේ සැරයක් කට්ටියම ඉස්සර වෙන්න දීල පස්සටම එනව හැමෝම  හොදින්ද බලන්න මේ විදියට එකපාරක් බලනකොට තමයි දැක්කෙ අපේ කැලැසික් කාරෙයා දෙන්න එක්ක තව කිහිප දෙනෙක්  පිටු පසින් කියල සමහර තැන් වලදි මද්දට විනාඩි 20ක්,30ක් බලන් ඉන්න උනා. ආයෙම ඉස්සරහින් යන අයව බලන්න ඉගිලෙන්නත් උනා (මේක නිසා තමයි ඊලග සංචාරයට උපරිම හා අවම වේගයක් ඕනි කියල අන්තිම ඇඩ්මින් හමුවෙදි තීරනයකට ආවෙ)

මේ අතර මගින් චරිතවත් අපේ සෙට් එකට එකතු උනා. මෙතනදි තමයි පොලීස් රාලහාමි කෙනෙක් ජීප් එකකින් බැහැල ලගට එනකම්ම දැක්කෙ නෑ ඔයාල කොහෙද?, කොහෙද යන්නෙ? කියල බොහෝම සුහදව ඇහුවම මද්දට පුදුමත් හිතුන කොළ  ඉදන් ආව බවත් සංචාරයකට ආව කියල කීවම, කීවම හිනා වෙලා බයික් ගොඩක් නවත්තල නිසයි ඇහුවෙ  කියලා  පිටත් උනා.


තවත් ඉතිරි වෙලා තිබ්බෙ කි.මි. 35ක්  විතර. ඒ ටික ඇවිත් තමයි කන ජාති බොන ජාති අරගන්න කඩවල් හොයන්න පටන් ගත්තෙ බොන්න ඕනෙ කරන දේවල් නම් අමාරුවක් නැතිවම හම්බඋනා. සමීරයි මායි දෙන්න එක්ක තමයි සිල්ලර කඩයි එලවලු කඩ ගානෙයි ඇවිද්දෙ අන්තිමට බඩු මලු අතින් කටින් එල්ලන් ඇවිත් කට්ටිය අතරෙ බෙදල දුන්නෙ තව ටික දුරක් අරන් යන්න තිබුනු නිසා. දෙතුම් පාරක් ම පාර වරද්ද ගෙන අන්තිමට අදාල තැන හොයාගත්ත. (කොහෙද ඉතින් යන්නෙම ලොකේෂන් දාපන් බං කියල මැප් එක දිහා බලාගෙන මනෙ ඉතින් පාරක් කීවට අහගන්න තේරෙන්නෑ නෙ.)

චෙෆ් තුසිතත් එක්ක මාස්ටර් චෙෆ් සමීර
ගියපු ගමන් ඔක්කො ටික පූල් එකට පැන්න අම්මපල්ල මුන්ට වතුර පෙන්නන්ම බෑනෙ. මද්දට නම් වතුර දිහා බලන්නවත් වලොවක් තිබුනෙ නෑ හර්ෂ අයියයි සමීරවයි කුස්සියට හිරකරල,



පොල් කටු වල බලේ්
හර්ෂයවත් ඇදගෙන ගල් අගුරු ටික පත්තු කරන්න පටන් ගත්තා. ගල් අගුරුත් එක්ක පොල් කටු කෑලි ටිකක් දාල ගිනිතිබ්බමම වැඩේ හරි.


ඔන්න ඉතින් බෝතල් එකින් එක ඇරෙන අතරේ ත්‍රයිලෝක විජය පත්‍ර සුවදකුත් දසත පැතිරුණා කියමුකෝ.

ගිහින් හිටපු ස්ත්‍රී පාර්ශවයෙ කට්ටියට ආහාර අරගෙන නිදාගන්න ලෑස්ති කරල දුන්නා.
BBQ By  මද්දා

කොල්ලො  ටිකට නම් නිදා ගන්න අහහසක් නෑ වගේ සචින්තනයි ලසිතයි දෙන්නගෙ ගිටාර් වාදනයත් එක්ක ලස්සන සින්දු ටිකක් රසවින්දාග හැබැයි මට තාමත් තියෙන ප්‍රශ්නෙ තමයි එච්චර ඉක්මනට BBQ  අතුරුදහන් වෙන්නෙ කොහොමද කියන එක.

තුසිත අයිය හදල දුන්න  Fried rice එකෙත් පිගන් දෙකකම වග කියන්න මද්ද නම් අමතක කලේ නෑ.
 පාන්දර 2ක 3න චෙනකන් වැඩේ නැගලම ගියා පහුවදාට යන්න තියෙන ගමනෙ බැරෑරුම් කමනිසා අකමැත්තෙන් උනත් මද්දට කැප්ටන් රයිට්ස් අතට අරන් කට්ටියව ඇදන් වලට යවන්න සිද්ද උනා.

මොනා උනත් එක ඇඩ්මින් කෙනෙක් විතරක් කබරයෙක් හම්බෙලා එන්න ගිහින් තිබුනා චෙති මල්ලි මහ රෑ එයාව ෂවර් එකක් යටට ගෙනිහින් නෑව්ව කියත් ආරන්චියි. (චේතිය බීවෙ නැති උනාට බීපු උන්ට දෙන්න ඕනි ප්‍රතිකර්ම නම් දන්නව)


Friday, October 6, 2017

Admin's Ride.


රත්නපුර පහුකරගෙන කිරිඇල්ල පැත්තට එනකම් කියන්න තරම්  විෂේශ දෙයක් උනේ නම් නෑ හුලංකපාගෙන සාමාන්‍ය වේගයකින් තමයි ආවෙ. කට්ටියම මට ඉස්සර වෙන්න දීල පිටිපස්සෙන් ආපු නිසා ඉරිනොකපා බස්,ලොරි,40' කන්ටේනර් එහෙම සෑහෙන්න අමාරුවෙන් ඉස්සර කරන් යන්න උනා මොකද ඒපාරට කඩ ඉරි අදින්න අමතක වෙලාද කොහෙද.සරින් සැරේ ලහිරු මල්ලිනම් පියාබල ගියේ එයාව පාස් කරන් යන බයික් දැක්කම මොකක්ද  අමුතු ලෙඩක් හැදෙන නිසා කියල දැනුනෙ පස්සෙයි. මගෙ බයික් එකට සපීඩ්  කන්ට්‍රෝලර් එකක් පිටිපස්සෙ සීට් එකට හයිකරල තිබ්බ නිසා සැරින් සැරේ වර්නින්ග් ටොන් නොවැදුනාම වෙමෙයි.
මද්ද හැමදාම යනනෙ සේෆ්වේගයකින් කියන එක නම් වෙනස්වෙන්නෙ නෑ. කලින් ඕගනයිස් කරල තිබ්බ රෝඩ් ට්‍රිප් වලදි වෙච්ච අනතුරු මාත් එක්ක යන සෙට් එකට කවදාවත් වෙන්න බෑ කියන එකයි මගෙ එකම හැගීම.

කිරිඇල්ලෙ wijaya holiday resort එකේ
රෙස්ටුරන්ට් එකෙන්පොඩ් ස්නැක් එකක් අරගන්න නවත්තනකන්ම එන්න තිබුනෙ එකම විදියක පාරක් තමයි.

                   ආයෙත් පිටත්වෙන්න සූදානමින්.

ඊලගට තමයි හුලංපාර කපාගෙන නමල යන්න පුලුවන් වංගු සහිත ලස්සන වතු යාවල් ටිකක් මැදින් වැටුන පාර පටන් ගත්තෙ. රෝද දෙකේ නියම පීලින්ග් එක එන්න මෙහෙම පාරක් ලැබෙනනම ඕනි. මද්දට වීඩියෝ එකක් ගන්න ආසාවක් ආවෙ මේ හරියෙදි තමයි. ගත්ත වීඩියෝ එක තාම චේතියාගෙ කැමරාවෙ මම හිතන්නෙ තාමත් දැක්කෙ නෑ ඇහැටවත්

රගපාල ඉවරවෙලා

                                                             


රත්නපුරට වෙනකන්ම නිදහසේ ආවට ඊට පස්සෙ ආයෙත් වාහන ගොඩක් මැද්දෙ පාරවල් හොයන්න උනා,

පාර ඉවරයි තව 46km

                                  

බලංගොඩට ලන්වෙද්දි නම් ටික ටික පාර නිදස් උනා ආයෙම ලස්සන කදු ටිකක් එක්ක නියම පාරක්. මද්ද එක තැනකදි ලොකු කොන්ක්‍රීට් මික්සර් එකක් පටවන් ගියපු ස්කැමල් එකක් ඉස්සර කරන්න ගිහින් බ්‍රේක් ගැහුවම තමයි පටිපස්සෙන් ආපු චෙතියම මගෙ බයික් එකේ වැදුනෙ හොද වෙලාවට ඒ වැදුනෙ ස්ටැන්ඩ් එකේ. (ආයෙනම් මලාට ඒවගේ තැන්වල ඉස්සර කරන්නෙ නෑ) වාසනාවට මුකුත් අනතුරක් උනේ නෑ.

තවත් කදු 5ක් 6ක් ඇදදට පස්සෙ ඔන්න කට්ටියම බලංගොඩ.

 ඔරලෝසු කනුව
 වෙන්න බාප්ප (වෙන්ඩ වයිප් ගෙ බාප්පට කියන නම මේක නෙද?) කෙනෙක්ගෙ ගෙදර තමයි කට්ටිය රෑට නවතින්න ප්ලෑන් කරල තිබ්බෙ. ඉතින් මද්දයි හර්ෂයයි සුපර් මාකට් එකක් හොයන් ගියා එකන හිටපු ත්‍රී රෝද පදවන කට්ටියත් පාර පෙන්නල දුන්න රෑට එන අධික පිපාසෙ නිවාගන්න තැනක් ආපුවාම. නිකම්ම ගෙවල් වලට හිස් අතින් යන්න හොදනෑ කියපු නිසා පොඩිවට හැම්පර් එකක් හදාගත්තා (ඒත් කරල තියෙන්නෙ ගොන් වැඩක් කියල තේරුනෙ බාප්ප පොඩිවට අවවාදයක් දුන්නම තමයි මම හිතන්නෙ ඒපැත්තෙ අය ගෙදරට එන අමුත්තො එහෙම දේවල් ගේනවට කැමති නෑ මද්දත් හද්ද ගමේ තමයි පස්සෙ තමයි කල්පනා උනේ අපේ ගමේ තියෙන ගෙදරකට උනත් ඔහොම දෙයක් අරන් ගියානම් වෙන්නෙ ඕකම තමයි නේද කියල)



ඔය පිටි පස්සෙ ඉන්න අයගෙන් තමයි පාර අහගත්තෙ.


ලහිරුට නම් ඕනි කීවෙ සැර අඩු ජාතියක් ඉතින් එයාට බියරුයි. හර්ෂ බොනව කියපු ඕන එකක් කියන වර්ගෙ තිබ්බෙ නැති නිසා පරනයි කියල ගහල තිබ්බ බොතලේකුයි අරගත්තා, චේති ඉතින් අමධ්‍යප ව්‍යාපාරෙ නිසා ටිකක් ලොකුවගෙන් කලවම් කරන ජාතියෙ බොතලයක් හර්ෂ අරන් තිබ්බා.

ඔන්න ඉතින් අමාරුවෙන් තෝරගත්තු දේවල් ටිකත් අරන් එලියට එනකොට කලුවර වෙලා.
පස්සෙ පාරත් හොයාගෙන කලුවරේම අදාල තැනට පිටත් උනා.
ප්‍රධාන පාරෙනම් අව්ලක් නැති උනාට ගෙදර ලගට යන්න තිබ්බ පාර නම් කියල වැඩක් නෑ. මගෙ බයික් එක නම් ගේමක් නැතිව කකන්ද නැග්ගා අනිත් අය පොඩි චකිතයකින් තමයි කන්ද නැග්ගෙ. චේතිය සෑහෙන්න බය වෙලා තිබ්බා ( මුට පිස්සු පරන[ classic කියල කීවනම් තමයි හරි  ]  උනාට ස්කූටර් එකට ඒක දැනුනෙවත් නෑ දැනුනම් ඒ තඩියාවගේ නැගල  ඉන්න උගෙ බර තමයි.)



කිමි 130ක් ඉවර කරල


අන්තිමට නවතින ස්ථානයටත් ආව. මාර ලස්සනයි කන්දක් උඩ තිබ්බෙ. හැමෝම සීතලයි කීවට මටනම් කියන්න තරම් සීතලක් තිබ්බෙ නෑ (සමහර විට 16°C තිබ්බ 10X10 කාමරේක සර්වර් ටිකක් එක්ක අවුරුදු 3ක් ගෙවපු නිසාද දන්නෑ).
ඉතින් බයික් ටිකට පොඩි විවෙකයක් දීල අපිටත් තේ එකක් එහෙම ලැබුනා.

ඉතින් එලියට බැහැල පොඩ්ඩක් පරිසරය විදින ගමන්තමයි මම හෙමීට අනකල්ගෙන් අහල බැලුවෙ පොඩිවට මොනවහරි බීම ටිකක් බොන්න තැනක් . හිටපු හමුදා නිලධාරියෙක් උන ⁣එයාට අමුතුවෙන් කියන්ව දෙක් තිබ්බෙ නෑ






 ගේ කිට්ටුවෙන්ම හදල තිබ්බ කෑල්ලක් (හදිසි අවශ්‍යතා වෙනුවෙන් හදලයි ත්බ්බෙ මම හිතන්නෙ දරමඩුවක ඇඩ්වාන්ස් වර්ශන් එකක්, අව්ලට කිබ්බෙ ඇතුලෙ දර නැති එකයි, කොන්ක්‍රීට් එහෙම දාල වහලට ශීට් හෙවිල කරල එහෙම තිබ්බෙ)
ඔය පිටිපස්සෙන් ඉන්නෙ ලහිරු නෙමෙයි

ඉතින් හැමොගෙම කැමත්ත එතන සෙට් වෙන එක නිසා අපි එතන තෝර ගත්තා.
හර්ෂයි මමයි හෙමිහිට පරන බොතලේ ඉවර කරන අතරේ ගහිරු බියර් වලට වගකීව. අන්කල් ගෙනුත් බොතලේ ඉවර කරන්න පොඩි පොඩි උදව් ලැබුනා. ගෑනු ලමය නම් මේ වෙද්දි නිදි මම හිතන්නෙ. බොතලේ භාගයක් විතර ඉවර වෙද්දි ලහිරුවා බියර් දෙකම බීල ඉවරයි (මිනිහෝ බියර් බොන්න ඕනි හෙමීට කීවට ඇහුයවැ ) බොතලේ කාලක් වගේ නෙකොට ලහිරු බීල,සින්දු අහල,සින්දුකියල ඔක්කොම ඉවරයි. ඊට පස්සෙ කබරයෙක්වත් මතක් කරල පුටුව මත සැතපිලා. ඉතින් හර්ෂයි මමයි අවන් අදිරයට ඇවිත් (මුටත් දෙයියන්ගෙ පිහිවටෙන් මට වගේම තමයි වැඩිය බොන්න බෑ)ඉන්නකොට තමයි දැනගත්කෙ අන්කල්ගෙ ආදරනීය බිරිද අපි ඉවරකරල එනකන් කෑමත් නොකා අපිට කෑම ලෑස්ති කරල බලන් ඉන්නව කියල (අම්මල එමහමයි නේද? ආන්ටි කාල නිදාගන්න කීවම හිනාවෙලා හිටිය මිසක් අපි නින්දට යනකම්ම කෑම කෑව දක්කෙ නෑ). ලහිරුවටනම් කන්න අවෂ්‍ය නෑ වගේ හිතුන නිසා ඇදකට දාල අපි තුන්දෙනා(චේති,හර්ෂන හා මම) බත්පිගන් කිහිපයකටත් වගකියල තමයි නින්දට ගියේ.
ඇගේ තිබ්බ මහන්සියටයි බොතලේ තිබිබුදේවල් වලින් ලැබුන අනුග්‍රහයයි හින්ද ඉක්මනින්ම නින්ද ගියා.

කන්නත් බෑලු බයික් එක නැතිව
අපි හැමෝගෙම ආදරය දිනාගත්තු
classic KL එකේ(චේතිගෙ) ඉන්න ලහිරු
උදේ නැගිටල කෝපි එකක් එහෙම බීල (අනික් අයනම් ටී මම හිතන්නෙ මද්ද ඉතින් උදේ පාන්දරට කලුපාට කෝපි තමයි.) එලියට එනකොට හර්ෂයා බයික් එකේ ප්ලග් එකක් එක්ක ඔට්ටු වෙනව. අපරාදෙ කියන්න බෑ මද්දට ලෝබ නැතිව බොරලුගොඩේ පාවහන් රහිතව බයික් එකක් තල්ලු කිරීමේ (තල්ලු ස්ටාර්ට්) භාග්‍ය හර්ෂයා විසින් සලසා දුන්නා. හර්ෂයා බයික් එක ගලෝනව දරාගෙන ඉන්න බැරිඋන චේතිත් බයික් එකට කූරු වලින් අනිනව දැක්කත් ඌනම් මද්දට ව්‍යායාම සදහා අවස්ථාවක් දුන්නෙ නෑ.

ඉතින් රොද දෙකට හයිවෙලා තිබ්බ එන්ජින් ඔක්කොම ධාවනයට සුදුසුයි කියල නිගමනයකට ආවට පස්දෙ උදේ කෑම. කිරිබත් සමග ස්පෙෂල් හතු බැදුමක් (අර කඩේ කිනෙ උම්බලකඩ සම්බෝලෙ වගේ ) ලුනුමිරිස්, පාන්,බටර්,ජෑම් ආදියෙන් සමන්විත සුපිරිම උදේ කෑම වේලකුත් අපේ අංකලුයි එයාගෙ බිරිදයි ලෑස්ති කරල දුන්නා. කිරිබත් කෑලි 5ක් 6ක් පාන්පෙති හතරක් පහක් එක්ක කාල දැම්මම බඩගින්න අඩුවෙලා ගියා.
ඊට පස්සෙ වත්තෙ තිබුන වෙරලු ගහයි අලිගැටපේර ගහයි සුද්ද කරල දීල. අපේ ගමනෙ ඉතිරි කොටස පිටත් උනා.


බලංගොඩින් හැටන්පාරට වැටුන අපි එකහුස්මටම පින්නටලට ආව.(අලි ඉන්න එක නෙමෙයි)
අලි නැති පින්නවලට ආපු...................නෑ නෑ      චේති එක්ක හර්ෂ
ඊට පස්සෙ තමයි කදුත් එක්ක තේවතු ටික මාර ලස්සනයි ටිකක් බයානකයි. පාරල් පටුයි, වැලමිටට වඩා පොඩ්ඩක් වැඩි නැම්මක් තියෙන වංගු එහෙමත් තියෙනව. මේ හරියෙදිත් පොඩි වීඩියෝ එකක් එහෙම අරගෙන තමයි ගමනාන්තයට ගියේ.















ඊට පස්සෙ ගමනාන්තය. මාරතැන්නෙන් හැරිල ඇතුලට ටික දුරක් ගියාම තමයි අපි හොයන් ආපු දිය ඇල්ල තිබුනේ. ටිකක් විතර දුෂ්කර පාරකින් තමයි එතනට යන්න තිබ්බෙ 


සිරාවම මාර මාරතැන්න.
ලස්සන වගේම තමයි  සීතල  හැබැයි පිරිසිදුයි එතනින් තමයි දිය පාර පටන්ගන්නේ. හැබැයි අපි යද්දිත් එතනට පිරිසක් ඇවිත් හිටියා, (පසුව ආරන්චි උන විදියට එයාලත් ලංකාවෙ තියෙන දියඇලි හොයන් යන පිරිසක් ) අපි වතුර පාර පටන්ගන්න ඉහල කොටස  බලන්නයි  ගියේ.
දිය පාර පටන් ගැන්ම 
විදුරුවක් තරම් පැහැදිලි වතුර ඒ වගේම  සීතලයි. ටිකක් වෙලා ඉදල පහලට එනකොට කව්රුත් හිටයෙ නෑ ඉතින් එතන තිබුන විශාල තටාකයක් වගේ ගල්වලින් හැදිල තිබුන වලට තමයි කට්ටියම පැන්නෙ. උඩ ඉදල ජම්ප් එකක් දාන්න වගේම rock sliding කරන්නත් පුලුවන් තැනක් තිබ්බ.ගලේම ඉහලින් තිබ්බ පොඩි තටාකයකට බැහැල එතන ඉදන් තමයි sliding කරන්න තිබ්බෙ හර්ෂ පීනන්න එච්චර දන්නෙ නෑ කියල හෙමින් හෙමින් තටාකයට බහින අතරෙ මම කලෙ ඉහල ඉදන් ඒකට පැනපු එක, අම්ම ගහයි ඒකෙ පතුලක්නම් නෑ (පසුව දැනගක් පරිදි එය දුරට විහිදෙන උමගක් කිසිම කෙනෙක් බහින්නෙ නැතිලු) දෙපාරක්ම උඩ ඉදන් පැනල sliding කරා, හැබැයි එතන ඉතාමත්පොඩි  කූඩැල්ලන් අපි  දෙන්නගෙ ඇග හැම තැනම.


1. ඔය තියන එකට තමයි පැන්නෙ, හර්ෂ ගල දිගේ හෙමින් බැස්සා

2. Rock sliding කූඩැල්ලන් එක්කම









හැමදේම ලියන්නගියොත් අදත්  ඉවර ක⁣රන්න බැරිවෙනව ඉතින් ඇතිවෙනකන් නාල ගෑනු ලමයගෙ නෑදැ වෙන කෙනෙක්ගෙ ගෙදරින් ලෑස්ති කරල දුන්න කෙසෙල්කොලේ බැදපු කෑමත් අරගෙන ආපසු එන්න පිටත් උනා.
ආමෙ 90°පොඩ්ඩක් අඩු කන්දක් නැගගෙන ගියපු පාරෙන්ම ආපහු ආව (ලහිරුට නම්ලොකු හදිස්සික්  තිබ්බා කව්ද මන්ද  ගෑල්ලමයෙක්ට දුන්න නම්බර් එකක් වැඩකරයි කියන්නෙ) යද්දි විස්තර කරපු පාරෙම ආපු නිසා ආයෙ කියන්න දෙයක් නෑ. ටික දුරක් ඇවිත් කෑම කන්න පොඩි කඩයක් ලග නැවැත්තුවා කිසිම විරුද්ධත්වයක් නැතිව අපිට එතන තිබ්බ සමර් හට් එකේ  කෑම කන්න ඉඩදුන්නා.කඩේ හිටපු මල්ලි කෙනෙක් තමයි ගෘප් පොටෝ එකක් අරදුන්නේ .

ඉතින් කෑමත් කාල අපහු බලංගොඩට ඊට පස්සෙ තමයි ලහිරු අපෙන් වෙන්වෙලා කාවද හම්බවෙලා එන්නම් කියලගියේ  එහෙම ගිහින් එද්දි තමයි පොලිසියට වෙට්ටු දාන්න ගිහින් උසාවි යන්න දිනයක් අරගෙන ආවෙ. අපරික්ෂාරී ධාවනය කමක්නෑ අනතුරක් නැතිව එහෙමඋන එකත් හොදයි. ආපහු එනගමනුත් සුපුරුදු තැනින්මතේ එකක් එහෙම බීල පානදුරට එනොට ප.ව 8.00ත් පහුවෙලා.

කලින්  හම්බවෙලා  නැතිසහොදරයන් දෙන්⁣නට සමු දුන්නෙ පානදුරදි

_____________________

ඔන්න එකපාරින්ම ලියල ඉවර කලා තොපිට සතුටුයිද දැං.
______________________
අපේ ඊලග ට්‍රිප් එක සිංහරාජය පැත්තට.මේ මාසෙ 28රොද දෙකක් එක්ක එන්ජිම තියෙනවනම් එකතුවෙන්න අපිත් එක්ක.